Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නුවනිඳුගෙන් කඩුලු ත්‍රිත්වයක්

නුවනිඳුගෙන් කඩුලු ත්‍රිත්වයක්

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මොරටු රන් හටනේ වසර 70 ක ඉතිහාසයේ පළමු වැනි කඩුලු ත්‍රිත්වය වාර්තා කළ නුවනිඳු ප්‍රනාන්දුගේ පන්දු යැවීම නිසා මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී අද (15 වැනිදා) ආරම්භ වූ මහ ක්‍රිකට් තරගයේදී වේල්ස් කුමර විදුහලේ මුල් ඉනිම ලකුණු 194 කට සීමා විය. ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමද නියෝජනය කළ දකුණතින් පිට දඟ පන්දු යවන්නා ලකණු 44 කට කඩුලු 4 ක් දවාගත්තේය.

වේල්ස් කුමර විදුහල ඕවර 78 ක් පුරා පන්දුවට පහර දුන්නේය.

අද සවස ක්‍රීඩාව නතර කරන විට ශාන්ත සෙබස්තියන් විදුහල සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී ලකුණු 43 ක් ලබා සිටි අතර පිත්තෙන්ද දස්කම් දැක්වූ නුවනිඳු නොදැවී ලකුණු 22 ක් ලබා සිටියේය.

නුවනිඳුගේ කඩුලු ත්‍රිත්වය හේතුවෙන් වේල්ස් කුමර ඉනිම කඩා වැටුණ නමුත් නායක සුවත් මෙන්ඩිස් (නොදැවී 78) සමග එක්වූ දිනුර ප්‍රනාන්දු (44) සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 78 ක සම්බන්ධතාවක් ගොඩනැංවීය.

 


වේල්ස් කුමර විදුහල - පළමු ඉනිම සියලු දෙනා දැවී 194 යි
(දිනුර ප්‍රනාන්දු 44, සුවත් මෙන්ඩිස් නොදැවී 78 යි, විහඟ මෙන්ඩිස් 21/2, ප්‍රවීන් කුරේ 32/2, නුවනිඳු ප්‍රනාන්දු 44/4)

ශාන්ත සෙබස්තියන් විදුහල  - පළමු ඉනිම කඩුලු 1 ක් දැවී 43 යි
(දුනිත් ජයතුංග නොදැවී 19, නුවනිඳු ප්‍රනාන්දු නොදැවී 22)

 


අදහස් (0)

නුවනිඳුගෙන් කඩුලු ත්‍රිත්වයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.