Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ට්‍රේලියානු තරග සංචාරය සඳහා නම් කරනු ලැබූ ක්‍රීඩකයන් 20 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා විස්සයි-20 සංචිතයට ඇතුළත්ව සිටි වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාරට කොවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇත.
ඔහුට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායමේ අභ්‍යාසකවරයාටද කොවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇති අතර මේ වන විට ඔවුන් දෙදෙනාම ප්‍රතිකාර ලබමින් නිරෝධායනය වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
ඕස්ට්‍රේලියානු සංචාරය වෙනුවෙන් ජෛව ආරක්ෂක බුබුළක් තුළ රැදෙමින් පුහුණුවීම්වල නිරත වන ශ්‍රී ලංකා කණ්ඩාමේ ක්‍රීඩකයන් සහ සහායක කාර්ය මණ්ඩලය වෙනුවෙන් කරනු ලැබූ පී.සී.ආර්. පරීක්ෂණයකදී මොවුන් දෙදෙනා කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇත.
තරග 5 කින් සමන්විත විස්සයි-20 තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පෙබරවාරි මස 3 වැනිදා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිත අතර නුවන් තුෂාර සහ අභ්‍යාසක ඩිල්ෂාන් ෆොන්සේකා පෙබරවාරි මස 10 වැනි යළිත් කණ්ඩායම සමග එක්වීමට නියමිතය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.