Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ට්‍රේලියාවේදී මේ මස 23 වැනිදා ආරම්භ වන ටෙස්ට් තරගාවලියට සහභාගි වීමට නියමිතව සිටි වේග පන්දු යවන නුවන් ප්‍රදීප් තුවාල ලැබීම නිසා එම ස්ථානයට විශ්ව ප්‍රනාන්දු ආදේශ කිරීමට නියමිතය.
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන පිලට එරෙහිව පැවැති පුහුණු තරගයේ පන්දු යවමින් සිටියදී නුවන් ප්‍රදීප් කලවේ ආබාධයකට ලක්ව ඇති අතර ඒ හේතුවෙන් ඔහුට තරගාවලිය අහිමිවිය.
විශ්ව ප්‍රනාන්දු ටෙස්ට් සංචිතයට ඇතුළත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට යොමු කර ඇති බව ක්‍රිකට් තේරීම් කමිටු ආරංචි මාර්ග සඳහන් කරයි.
වමතින් වේග පන්දු යවන 27 හැවිරිදි විශ්ව ටෙස්ට් තරග දෙකකදී කඩුලු තුනක් දවාගෙන තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.