Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුස්සන් තේරීම සඳහා සිම්බාබ්වේහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ‘ඒ’ කාණ්ඩය යටතේ බටහිර ඉන්දීය කොදෙව් පිල සහ නෙදර්ලන්තය අතර අද (26 වැනිදා) හරාරේහිදී පැවැති තරගය සුපිරි ඕවරයේදී ජය ගැනීමට නෙදර්ලන්තය සමත් විය.
කොදෙව් පිල වෙනුවෙන් ජේසන් හෝල්ඩර් යැවූ සුපිරි ඕවරයේදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 30 ක් රැස්කිරීමට ලෝගන් වැන් බීක් සමත් වුවද, නෙදර්ලන්තය වෙනුවෙන් වැන් බීක් යැවූ සුපිරි ඕවරයේදී ජොන්සන් චාල්ස්ට, ශායි හෝප්ට සහ ජේස්න් හෝල්ඩර්ට ලබාගත හැකි වූයේ ලකුණු 8 ක් පමණි.
බ.ඉ. කොදෙව් පිල - ඕවර 50 කදී කඩුලු 6 ක් දැවී 374
(බ්‍රෙන්ඩන් කිං 76, ජොන්සන් චාල්ස් 54, ශාමර් බෘක්ස් 25, ශායි හෝප් 47, නිකලස් පූරන් නොදැවී 104, කීමෝ පෝල් නොදැවී 46, සකීබ් සුල්ෆිකර් 43/2, බස් ඩි’ලීඩ් 72/2)
නෙදර්ලන්තය - ඕවර 50 කදී කඩුලු 9 දැවී 374
(වික්‍රම්ජීත් සිං 37, මැක්ස් ඔඩොව්ඩ් 36, වෙස්ලි බැරේසි 27, බස් ඩි’ලීඩ් 33, තේජා නිදමනුරු 111, ස්කොට් එඩ්වඩ්ස් 67, ලෝගන් වැන් බීක් 28, රොස්ටන් චේස් 77/3, අල්සාරි ජෝෂප් 72/2, අකීල් හොසේන් 73/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.