Last Update  :  2025-01-16 16:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නෙදර්ලන්තයට කඩුලු 3 ක ජයක්
වි-20 ලෝක කුසලාන තරගාවලිය

නෙදර්ලන්තයට කඩුලු 3 ක ජයක්

editorial - 2022 ඔක් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගීලෝන්ග්හිදී අද (16 වැනිදා) පැවැති දෙවැනි ලෝක කුසලාන තරගයේදී නෙදර්ලන්තය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම කඩුලු 3 කින් පරාජය කරන ලදි. නෙදර්ලන්ත ක්‍රීඩකයෝ තරගයේ පන්දුවක් ඉතිරිව තිබියදී, කඩුලු 7 කට ලකුණු 112 ක් ලබාගත්හ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරම්භක පිතිකරුවා වූ මෙහොමඩ් වසීම් (41) දැවී යාමට පෙර අරාබි කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු 91 ක් ලබා සිටි නමුත් එතැන් සිට ලකුණු 20 ක් ඇතුළත කඩුලු 8 ක් බිඳ වැටිණ. මොහොමඩ් වසිම් දවාගත් ෆෙඩ් ක්ලාසන් (13/2) සහ බස් ඩි‘ලීඩි (19/3) දෙදෙනා එක්ව ආරාබි ඉනිම විනාශ කළහ.

ලකුණු 112  ක පහසු ඉලක්කයක් කරා යද්දී නෙදර්ලන්ත කණ්ඩායමේත් කඩුලු 6 ක් ලකුණු 76 කට බිඳ වැටුණ නමුත්, නායක ස්කොට් එඩ්වඩ්ස් (නොදැවී 16) සහ ටිම් ප්‍රින්ගල් (15) එක්ව නෙදර්ලන්ත කණ්ඩායම සීමාවෙන් එතෙර කළහ.


එක්සත් අරාබි එමීර් රාජ්‍යය - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 111 යි
(චිරාග් සූරි 12, මොහොමඩ් වසීම් 41, කශීෆ් ඩාවුඩ් 15, විරිත්‍යා අරවින්ද් 18, ෆ්‍රෙඩ් ක්ලාසන් 13/2, බස් ඩී‘ලීඩි 19/3)

නෙදර්ලන්තය - ඕවර 19.5 කදී කඩුලු 7 ක් දැවී 112 යි
(වික්‍රම්ජිත් සිං 10, මැක්ස් ඕ’ඩොවුඩ් 23, බස් ඩී’ ලීඩි14ඳ කොලින් ඇකර්මන් 17, ස්කොට් එඩ්වඩ්ස් නොදැවී 16, ටිම් ප්‍රින්ගල් 15, ජුනයිඩ් සිද්දික් 24/3)

- 213


අදහස් (0)

නෙදර්ලන්තයට කඩුලු 3 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.