Last Update  :  2025-03-16 19:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නෙදර්ලන්තයට කඩුලු 5 ක ජයක්

නෙදර්ලන්තයට කඩුලු 5 ක ජයක්

editorial - 2023 ජුනි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුස්සන් තේරීම සඳහා සිම්බාබ්වේහි පැවැත්වෙන තේරීම් තරගාවලියේ ‘ඒ’ කාණ්ඩය යටතේ නෙදර්ලන්තය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර ඊයේ (22 වැනිදා) හරාරේහිදී පැවැති තරගයෙන් කඩුලු 5 ක පහසු ජයක් වාර්තා කිරීමට නෙදර්ලන්තය කණ්ඩායම සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 212 ක ඉලක්කයක් හඹාගිය නෙදර්ලන්ත ක්‍රීඩකයෝ ඕවර 43.2 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ඉලක්කය පසුකර ගියහ. නායක ස්කොට් එඩ්වඩ්ස් පන්දු 60 කදී හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 67 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය කරා ගෙන ගියේය.   

ඇමරිකා එක්සත් ජනපදය - ඕවර 50 කදී කඩුලු 8 කට 211 
(ගජනන්ද් සිං 33, ශයාන් ජහන්ගිර් 71, ජෙසී සිං 38, රියාන් ක්ලේන් 31/2, බස් ඩි’ලීඩ් 37/2) 

නෙදර්ලන්තය - ඕවර 43.2 කදී කඩුලු 5 කට 214 
(මැක්ස් ඔඩොව්ඩ් 26, වෙස්ලි බැරෙසි 29, තේජා නිදමනුරු 58, ස්කොට් එඩ්වඩ්ස් නොදැවී 67, ජස්දීප් සිං 35/2) 

-036


අදහස් (0)

නෙදර්ලන්තයට කඩුලු 5 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.