Last Update  :  2025-03-15 20:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නෙල්සන් මෙන්ඩිස් සංවත්සර උත්සවය අද

නෙල්සන් මෙන්ඩිස් සංවත්සර උත්සවය අද

editorial - 2024 ජන මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර 63ක කාලයක් පුරා ක්‍රිකට් පුහුණුකරුවකු ලෙස කටයුතු කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් 28 දෙනකු පමණ බිහි කළ ප්‍රවීණතම ක්‍රිකට් පුහුණුකරු හා කොළඹ සී.සී.සී. ක්‍රිකට් පුහුණු පාසලේ නිර්මාතෘ නෙල්සන් මෙන්ඩිස් මහතා ඇගයීමේ උත්සවයක් අද (20) පස්වරු 3.30ට කොළඹ බිෂොප් විදුහල් ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

මෙම උත්සවයට සමගාමීව සී.සී.සී. ක්‍රිකට් පුහුණු පාසලේ 25 වෙනි සංවත්සරය සැමරීමද සිදු කෙරේ. ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ පළමු නායක අභාවප්‍රාප්ත බන්ධුල වර්ණපුර මහතා ඇතුළු මෙරට නමගිය ක්‍රිකට් ක්‍රීඩකයන් රැසකගේ මුල් පුහුණුකරු වූ නෙල්සන් මෙන්ඩිස් මහතා විශේෂඥ ඉංග්‍රීසි පුහුණු උපදේශකවරයකු ලෙසත් නමක් දිනා සිටින අතර ඔහු කලක් යුද හමුදාවේ කපිතාන්වරයකු ලෙසත් කටයුතු කර තිබේ.

කොළඹ නාලන්දා විදුහලේ වසර ගණනාවක්ම ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු ලෙස කටයුතු කර ඇත්තේද නෙල්සන් මෙන්ඩිස් මහතාය.


අදහස් (0)

නෙල්සන් මෙන්ඩිස් සංවත්සර උත්සවය අද

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.