Last Update  :  2025-03-20 21:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පන්ජාබ් නායකත්වය අගර්වාල්ට

පන්ජාබ් නායකත්වය අගර්වාල්ට

editorial - 2022 මාර් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ නායකයා ලෙස ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු මායන්ක් අගර්වාල් නම් කර තිබේ. 

මෙවර පැවැති ක්‍රීඩක වෙන්දේසියට පෙර පන්ජාබ් කිංග්ස් කණ්ඩායම විසින් වේග පන්දු යවන ක්‍රීඩක අර්ෂ්දීප් සිං සහ වමතින් දඟ පන්දු යවන හර්ප්‍රීට් බ්‍රාර් සමඟ 31 හැවිරිදි අගර්වාල්ද රඳවා ගත් ක්‍රීඩකයින් තිදෙනාගෙන් එක් අයෙක් වූයේය.

“මම 2018 සිට පන්ජාබ් කිංග්ස් කණ්ඩායාමේ සිටිනවා. මෙම අපූරු කණ්ඩායම නියෝජනය කිරීම ගැන මම ආඩම්බර වෙනවා. කණ්ඩායමට නායකත්වය දීමට අවස්ථාව ලැබීම ගැන මම සතුටු වෙනවා” යැයි අගර්වාල් පැවසී යයි පන්ජාබ් කිංග්ස් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක සඳහන් වේ. 

“ මා මෙම වගකීම ඉතා අවංකව භාරගන්නවා, මෙම වාරයේ පන්ජාබ් කිංග්ස් සංචිතයේ අප සතුව ඇති දක්ෂ ක්‍රීඩකයන් සමඟ මගේ කාර්යය පහසු වනු ඇතැයි මම විශ්වාස කරනවා” යයිද අගර්වාල් පවසා තිබිණ. 

අගර්වාල් 2018 සිට පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයකු වූ අතර, සංචිතයේ උපනායකයා ලෙසද කටයුතු කර ඇත. පසුගිය වාරයේ අවස්ථා කිහිපයකදීද කණ්ඩායමට නායකත්වය ලබා දී ඇත.

“අපි සෑම විටම ශූරතාව දිනා ගැනීමේ බලාපොරොත්තුවෙන් ක්‍රීඩා පිටියට පිවිසෙනවා. කණ්ඩායමක් ලෙස නැවත වරක් අපගේ මංගල අයි.පී.එල් කුසලානය දිනා ගැනීමේ ඉලක්කය කරා අපි වැඩ කරනවා. කණ්ඩායම මෙහෙයවීමේ මෙම නව කාර්යභාරය මා වෙත පැවරීම ගැන මම කණ්ඩායම් කළමනාකාරිත්වයට ස්තූතිවන්ත වෙනවා” යැයි අගර්වාල් වැඩි දුරටත් පවසා තිබිණ. 

- 2079


අදහස් (0)

පන්ජාබ් නායකත්වය අගර්වාල්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.