Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පන්ජාබ් පිලට ලකුණු 120 ක දැවැන්ත ජයක්

පන්ජාබ් පිලට ලකුණු 120 ක දැවැන්ත ජයක්

සංජය එරමුදුගොඩ - 2014 සැප් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශූරයන්ගේ විස්සයි20 ලීග් තරගාවලියේ මූලික වටයේ 13 වැනි තරගය ලෙස කිංග්ස් XI පන්ජාබ් පිල සහ නොදර්න් දිස්ති‍්‍රක් පිල අතර මොහාලි හිදී අද (26 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 120 ක දැවැන්ත ජයක් අත්කර ගැනීමට කිංග්ස් XI පන්ජාබ් පිල සමත්විය.
 
ජයග‍්‍රහණය සඳහා ලකුණු 216 ඉලක්කයක් හඹාගිය නොදර්න් දිස්ති‍්‍රක් පිලට  ඕවර 15.2 ක් අවසානයේ සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 95 ක් පමණි.

නොදර්න් දිස්ති‍්‍රක් පිලේ පිතිකරුවන් තිදෙනකුට හැරෙන්නට අන් කිසිදු පිතිකරුවකුට ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට පන්ජාබ් පිලේ පන්දු යවන්නෝ ඉඩ නොදුන්හ.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරතවූ කරන් වීර් සිං  ඕවර 3.2 ක් යවා ලකුණු 15 කට කඩුලූ 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත්විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් කිංග්ස් XI පන්ජාබ් පිල නියමිත  ඕවර 20 අවසානයේ කඩුලූ 5 ක් දැවී ලකුණු 215 ක් ලබාගත්තේය.

පන්ජාබ් පිලේ ආරම්භක පිතිකරුවන් යුගලය වූ විරේන්ද්‍ර ශෙවාග් (52) සහ මනන් වෝරා (65) එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 51 කදී ලකුණු 102 ක සම්බන්ධතාවක් ගොඩනගමින් තම කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ.

පන්දු 37 කදි වාර්තා වූ විරේන්ද්‍ර ශෙවාග්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් වූ අතර පන්දු 32 කදී වාර්තා වූ මනන් වෝරාගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 8 ක් ඇතුළත් විය.

පන්ජාබ් ඉනිමේ අවසන් පන්දු කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිරතවූ ඬේවිඞ් මිලර් පන්දු 18 කදී ලකුණු 40 ක් ලබාගත්තේ හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගිනි.

කාසියේ වාසිය දිනූ නොදර්න් දිස්ති‍්‍රක් පිල පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා කිංග්ස් XI පන්ජාබ් පිලට ආරාධනා කර සිටියේය.

කිංග්ස් XI පන්ජාබ් පිල - ඕවර 20 කදී කඩුලූ 5 ක් දැවී 215
(විරේන්ද්‍ර ෂෙවාග් 52, මනන් වෝරා 65, තිසර පෙරේරා 16, ඬේවිඞ් මිලර් නොදැවී 40, ජොර්ජ් බේලි නොදැවී 18, ස්කොට් කගිලීජන් 34/2, ඉෂ් සෝධි 37/2)

නොදර්න් දිස්ති‍්‍රක් පිල - ඕවර 15.2 කදී සියලූ දෙනා දැවී 95
(කේන් විලියම්සන් 20, ඇන්ටන් ඩෙව්සිච් 28, කරන් වීර් සිං 15/4, අක්ෂර් පටේල් 16/2)

-036

 


අදහස් (0)

පන්ජාබ් පිලට ලකුණු 120 ක දැවැන්ත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.