Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රොෂාන් ගුණරත්න)
පන්දු යවන්නන්ගේ දක්ෂ පන්ද යැවීම හමුවේ යුද හමුදාපති ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද (3 වැනිදා) පැවැති තරගයකදී සදර්න් වොරියර්ස් පිලට එරෙහිව ලකුණු 37 ක ජයක් හිමිකර ගැනීමට ඊස්ටන් වොරියර්ස් පිල සමත්විය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඊස්ටන් වොරියර්ස් පිල ඕවර 20 කදි කඩුලු 9 ක් දැවී ලකුණු 158 ක් රැස්කිරීමට සමත්විය.
හිමාෂ ලියනගේ ලකුණු 39ක්, ළහිරු මදුශංක නොදැවී ලකුණු 38 ක්, පැතුම් ඩිල්ෂාන් ලකුණු 33 ක් සහ සඳුන් වීරක්කොඩි ලකුණු 25 ක් ලබාගනිමින් ඊස්ටන් වොරියර්ස් පිල ලකුණු 158 ක් දක්වා රැගෙන යාමට සමත්වූහ.
සිය ඕවර 4 ලකුණු 27 කට සීමාකරමින් කඩුලු 3 ක් දවාගැනිමට සුරංග ලක්මාල් සමත්වූ අතර සුමින්ද ලක්ෂාන්, ධම්මික ප්‍රසාද් සහ සචින් තිලකරත්න කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 159 ක ඉලක්කයක් හඹාගිය සදර්න් වොරියර්ස් පිලට ඕවර 18.2 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 121 ක් පමණි.
සුමින්ද ලක්ෂාන් ලකුණු 23 ක් සහ අසන්ත බස්නායක ලකුණු 21 ක් ලබාගත්තද ලකුණු සංඛ්‍යාවට වඩා පහරදුන් පන්දු සංඛාව වැඩිවිමත් සෙසු පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹයත් හේතුවෙන් සදර්න් වොරියර්ස් පිලට පරාජය හිමිවිය.
රජින්ද්‍ර පුංචිහේවා, සඳුන් වීරක්කොඩි සහ ළහිරු මදුශංක කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ඊස්ටන් වොරියර්ස් - ඕවර 20 කදි කඩුලු 9 ක් දැවී 158
(සඳුන් වීරක්කොඩි 25, පැතුම් ඩිල්ෂාන් 33, හිමාෂ ලියනගේ 39, ළහිරු මදුශංක නොදැවී 38, සුරංග ලක්මාල් 27/3, සුමින්ද ලක්ෂාන් 20/2, ධම්මික ප්‍රසාද් 33/2, සචින් තිලකරත්න 24/2)
සදර්න් වොරියර්ස් - ඕවර 18.2 කදී සියලුදෙනා දැවී 121
(සුමින්ද ලක්ෂාන් 23, අසන්ත බස්නායක 21, රජින්ද්‍ර පුංචිහේවා 20/2, සඳුන් වීරක්කොඩි 22/2, ළහිරු මදුශංක 28/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.