Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ලංකා ප්‍රිමියර් ලීග් (2023) තරගාවලියේ තෙවැනි තරගය ලෙස කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සහ බී-ලව් කැන්ඩි කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (31 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 27 ක ජයක් වාර්තා කිරීමට කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 158 ක ඉලක්කයක් හඹාගිය බී-ලව් කැන්ඩි කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 130 ක් පමණි.
මුලු ලකුණු සංඛ්‍යාව 28 ක් වන විට ආරම්භක පිතිකරු තනුක දාබරේ (4) සහ කමිඳු මෙන්ඩිස් (15) පිටියෙන් ඉවත් කළ නසීම් ෂා කලම්බු කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්නේය. ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ මතීෂ පතිරණ, අයි.පී.එල්. පිටියේදී ලබාගත් අත්දැකීම් මැනවින් ප්‍රයෝජනයට ගෙන ලකුණු 24 කට කඩුලු 3 ක් බිඳහෙළමින් එල්.පී.එල්. පිටියේදීත් වැඩ පෙන්නුවේය. කැන්ඩි කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කිරීම සඳහා ඔවුන්ට අනගි සහායක් දුන් ජෙෆ්රි වැන්ඩසේ ලකුණු 32 කට කඩුලු 2 ක් දවාගත්තේය.
මතීෂගේ පන්දු හමුවේ දිනේෂ් චන්දිමාල්, නායක වනිඳු හසරංග සහ ඉසුරු උදාන දැවී යද්දී, ඉතා මන්දගාමී පිතිහරඹයක නිරත වූ සර්ෆරාස් අහමඩ්ට පන්දු 21 කදී එක් හතරේ පහරක් සමග ලබාගත හැකි වූයේ ලකුණු 16 ක් පමණි. කැන්ඩි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ඇන්ජලෝ මැතිව්ස් පන්දු 22 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 25 ක් රැස්කළේය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 157 ක් ලබා ගත්තේය. කලම්බු ඉනිම ආරම්භක කරමින් 19 වැනි ඕවරය දක්වාම කඩුල්ල ආරක්ෂා කරගෙන පන්දුවට පහරදුන් බාබර් අසාම්, පන්දු 52 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 59 ක් රැස්කළේය. ඉසුරු උදාන වේගය අඩාල කරමින් යැවූ පන්දුවක් හමුවේ ලෝන් ඕන් කලාපයේ සිට ඉදිරියට පැන කමිඳු මෙන්ඩිස් රැකගත් අගනා උඩ පන්දුවක් හේතුවෙන් බාබර් දැවී ගියේය.
සමාරම්භක තරගයේදී වේගවත් පිතිහරඹයක නිරත වෙමින් අර්ධ ශතකයක් ලබාගත් නිරෝෂන් දික්වැල්ලට (4) මෙම තරගයේදී ලකුණු අතරට පැමිණීම සඳහා ඉසුරු උදාන ඉඩක් ලබා නොදුන්නේය. අනවශ්‍ය කලබලයක් හේතුවෙන් දුවද්දී දැවී යෑමකට හසුවන විට පැතුම් නිස්සංක ලබා සිටියේද ලකුණු 15 ක් පමණි. කෙසේ වුවත් ඉන් අනතුරුව නුවනිඳු ප්‍රනාන්දු (28) සමග එක්වූ බාබර් අසාම් තෙවැනි කඩුල්ල සඳහා පන්දු 57 කදී ලකුණු 60 ක් එක්කරමින් කලම්බු ඉනිම ගොඩනැගුවේය.
ඊයේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයට ක්‍රීඩා කළ කලම්බු කණ්ඩායම වෙනස්කම් දෙකක් සමග මෙම තරගයට ක්‍රීඩා කළ අතර ලක්ෂාන් සඳකැන් සහ යශෝධ ලංකා වෙනුවට මෙම තරගයේදී ජෙෆ්රි වැන්ඩසේ සහ ධනංජය ලක්ෂාන් කලම්බු කණ්ඩායමට ඇතුළත්ව සිටියහ. සර්ෆරාස් අහමඩ්, අමීර් ජමාල්, මොහොමඩ් හස්නයින් සහ මුජිබුර් රහමන් මෙම තරගයේදී විදෙස් ක්‍රීඩකයන් ලෙස කැන්ඩි කණ්ඩායමට ඇතුළත්ව සිටියහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.