Last Update  :  2024-12-21 12:44:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පන්නල ජාතික පාසල අවසන් පූර්ව වටයට

පන්නල ජාතික පාසල අවසන් පූර්ව වටයට

editorial - 2021 දෙසැ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාසල් ක‍්‍රිකට් සංගමය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පාසල් ක‍්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ ‘බී’ කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට පන්නල ජාතික පාසල සමත් විය.

පොලොන්නරුව රාජකීය විදුහල් ක‍්‍රීඩංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව තරගයකදී අම්පාර ඞී.එස්. සේනානායක විදුහලට එරෙහිව කඩුලූ 5 ක ජයක් වාර්තා කරමින් පන්නල ජාතික පාසල තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසියේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඞී.එස්. සේනානායක විදුහල  ඕවර 36.3 අවසානයේ ලකුණු 106 කට සීමා කිරීමට තේමිය කුමාරසිංහ සහ ඒ.ඞී. මුණසිංහ ප‍්‍රමුඛ පන්නල ජාතික පාසල් පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී කුමාරසිංහ ලකුණු 14 කට කඩුලූ 3 ක්ද, මුණසිංහ ලකුණු 18 කට කඩුලූ 3 ක්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 107 ක ඉලක්කයක් හඹාගිය පන්නල ජාතික පාසල  ඕවර 28.1 ක් කඩුලූ 5 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය. ඒ.පී. කේෂාන් ලකුණු 34 ක්ද, තේමිය කුමාරසිංහ ලකුණු 22 ක්ද රැස්කරමින් සිය කණ්ඩායම ජයග‍්‍රහණය කරා ගෙන ගියහ.


ඩී.එස්. සේනානායක විදුහල -  ඕවර 36.3 කදී සියලූ දෙනා දැවී 106  
(එම්.එච්. මධුර 26, එම්.ඩී. නුවන්ත 17, ජී.එන්. පන්සිළු 17, ඒ.කේ. ආදිත්‍ය 11, තේමිය කුමාරසිංහ 14/3, ඒ.ඞී. මුණසිංහ 18/3, පුබුදු ගීතාංජන 30/2)
 
පන්නල ජාතික පාසල -  ඕවර 28.1 කදී කඩුලූ 5 ක් දැවී 109
(ඒ.පී. කේෂාන් 34, තේමිය කුමාරසිංහ 22, පුබුදු ගීතාංජන 19, ඒ.කේ. හිමාෂ 46/2)

-036

 


අදහස් (0)

පන්නල ජාතික පාසල අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.