Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ ක්‍රිකට් සමාජය (සී.සී.සී.) සමත් විය. ඒ කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේ ඊයේ (8 වැනිදා) පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී සිංහල ක්‍රීඩා සමාජයට (එස්.එස්.සී.) එරෙහිව කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කරමිනි.
ජයග්‍රහණය සඳහා ලකුණු 240 ක ඉලක්කයක් හඹාගිය සී.සී.සී. ක්‍රීඩකයෝ ඕවර 35.3 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ඉලක්කය පසුකර ගියහ. විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ පවන් රත්නායක, පන්දු 117 කදී හයේ පහර 9 ක් සහ හතරේ පහර 15 ක් සමග වේගවත් ලකුණු 157 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.
තවමත් 21 වැනි වියේ පසුවන පවන්, මෙම තරගාවලියේදී පිට පිටම ලබාගත් තෙවැනි ශතකය මෙය වූ අතර මින් පෙර කොල්ට්ස් ක්‍රිකට් සමාජයට එරෙහිව ලකුණු 124 ක් සහ නුගේගොඩ ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 100 ක් ලබාගැනීමටද ඔහු සමත් විය. මේ වන විට තරග 9 කදී ලකුණු 489 ක් ලබා තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටින්නේද පවන්ය.
මුළු ලකුණු සංඛ්‍යාව 21 ක් වන විට සී.සී.සී. කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ප්‍රමෝද් මධුෂාන් සහ ගිෂාන් බාලසූරිය සමත් වූ නමුත්, එතැන් පටන් අංජල බණ්ඩාර (නොදැවී 60) සමග එක්ව පන්දු 194 කදී ලකුණු 224 ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනැගූ පවන් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.
පළමුවෙන් පන්දුවට පහරදුන් එස්.එස්.සී. කණ්ඩායම ඕවර 48.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 239 ක් ලබාගත් අතර චතුරංග ද සිල්වා සහ නායක ලක්ෂාන් සඳකැන් කඩුලු 3 බැගින් බිඳහෙළමින් එස්.එස්.සී. පිතිකරුවන් පීඩනයට පත් කළහ. ඒ සඳහා ඔවුන්ට අනගි සහායක් දුන් සොනාල් දිනූෂ ලකුණු 32 කට කඩුලු 2 ක් දවාගත්තේය.
එස්.එස්.සී. කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නුවනිඳු ප්‍රනාන්දු පන්දු 59 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 61 ක් ලබාගත් අතර එහිදී ඉතා ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කළ ක්‍රිෂාන් සංජුල පන්දු 64 කින් ලකුණු 41 ක් ලබාගත්තේ හතරේ පහර 4 ක් සමගිනි.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඉකුත් 7 වැනිදා පැවැති තෙවැනි ක්‍රිකට් තරගයට ක්‍රීඩා කළ එස්.එස්.සී. කණ්ඩායමේ නිත්‍ය නායක චරිත් අසලංක සහ ආරම්භක පිතිකරු අවිෂ්ක ප්‍රනාන්දුද, එහිදී ලැබූ ඉතිහාසගත ජයග්රහණයෙන් අනතුරුව පසුදින උදෑසන පැවැති මෙම අවසන් පූර්ව තරගයේදී සිය ක්‍රීඩා සමාජ කණ්ඩායමට ක්‍රීඩා කළහ.
එහිදී අවිෂ්ක පන්දු 43 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 42 ක්ද, චරිත් පන්දු 43 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 37 ක්ද ලබාගත් නමුත් කණ්ඩායම වෙනුවෙන් කැපී පෙණුන යමක් කිරීමට අපොහොසත් වූහ. මෙම තරගයේදී එස්.එස්.සී. කණ්ඩායමට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා සීමිත ඕවර කණ්ඩායමේ හිටපු නායක දසුන් ශානක එක් ලකුණකට දැවී ගියේය.
සිංහල ක්‍රීඩා සමාජය - ඕවර 48.3 කදී සියලු දෙනා දැවී 239
(අවිෂ්ක ප්‍රනාන්දු 42, ෂෙවෝන් ඩැනියෙල් 24, ක්‍රිෂාන් සංජුල 41, චරිත් අසලංක 37, නුවනිඳු ප්‍රනාන්දු 61, චතුරංග ද සිල්වා 41/3, ලක්ෂාන් සඳකැන් 44/3, සොනාල් දිනූෂ 32/2)
කොළඹ ක්‍රිකට් සමාජය - ඕවර 35.3 කදී කඩුලු 2 ක් දැවී 245
(අංජල බණ්ඩාර නොදැවී 60, පවන් රත්නායක නොදැවී 157)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.