Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
මෙවර (2021) ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේදී විදෙස් ක්‍රීඩකයන් ලෙස කැන්ඩි වොරියර්ස් කණ්ඩායමට ඇතුළත්ව සිටි රෝමන් පවෙල් සහ ඩෙවෝන් තෝමස් හදිසියේම ආපසු සිය රට බලා පිටත්ව ගොස් ඇත.
ඔවුන් එලෙස ආපසු ගොස් ඇත්තේ කොදෙව් ජාතික කණ්ඩායමෙන් ඔවුන්ට කැඳවීම් ලැබීම හේතුවෙනි. එහිදී පවෙල් ආබාධයකට ලක්ව සිටින කිරන් පොලාඩ්ගේ ආදේෂකයා ලෙසත්, තෝමස් අතිරේක කුඩුලු රකින්නා ලෙසත් පාකිස්තාන තරගාවලියට සහභාගිවන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ඇතුළත්ව ඇතැයි වාර්තා වේ.
දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව කැන්ඩි වොරියර්ස් කණ්ඩායම සහභාගී වූ පළමු තරගයට පමණක් ක්‍රීඩා කළ තෝමස් එහිදී ලකුණු 2 කට දැවී ගියේය. ඉන් අනතුරුව ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී ඔහුට කණ්ඩායමේ ස්ථානයක් හිමිනොවූ අතර ඔහු වෙනුවට ක්‍රීඩා කළ අහමඩ් ශේෂාඩ් පන්දු 51 කදී හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 56 ක් රැස්කළේය.
කැන්ඩි වොරියර්ස් කණ්ඩායම මෙතෙක් සහභාගි වූ තරග 3 ටම ක්‍රීඩා කළ රෝමන් පවෙල් එහිදී අර්ධ ශතකයක්ද සමග ලකුණු 104 ක් රැස්කිරීමට සමත් විය. මේ වන විට තරගාවලියේ වැඩිම හයේ පහර සංඛ්‍යාවකට හිමිකම් කියන ක්‍රීඩකයාද වන ඔහු එම තරග තුනේදී එල්ල කර තිබූ හයේ පහර සංඛ්‍යාව 11 කි. දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී හයේ පහර 4 ක් සහ හතරේ පහරක් සමග පන්දු 21 කින් ලකුණු 42 ක් රැස්කළ ඔහු ලකුණු 12 කට කඩුල්ලක්ද දවාගත්තේය.
ඊයේ (8 වැනිදා) ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ පවෙල් පන්දු 19 කදී හයේ පහර 7 ක් සහ හතරේ පහර 2 ක් සමග රැස්කළ ලකුණු සංඛ්‍යාව 61 කි. කෙසේ වුවත් එම තරගය නිමා වූ වහාම ඔහු කණ්ඩායමට සමුදී අද (9 වැනිදා) අළුයම පිටත්ව යෑමට නියමිතව තිබූ ගුවන් යානයකින් ඩුබාහි හරහා සිය රට බලා ගොස් ඇත.
පවෙල්ගේ සහ තෝමස්ගේ ආදේෂකයන් ලෙස එංගලන්ත ක්‍රීඩකයන් දෙදෙනකු වන රවී බෙපාරා සහ ටොම් මූරස් කැන්ඩි වොරියස් කණ්ඩාමයට ඇතුළත් කරගැනීමට කණ්ඩායමේ හිමිකරුවන් පියවරගත් බව එහි කලමණාකරු විනෝදන් ජෝන් මහතා ‘ලංකාදීප‘යට පැවසීය. මේ වන විටත් ඔවුන් දෙදෙනා දිවයිනට පැමිණ නිරෝධායනය වෙමින් සිටින බවද ඒ මහතා වැඩි දුරටත් කියා සිටියේය.
ඒ අනුව ඔවුන් දෙදෙනා අනිද්දා (11 වැනිදා) ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත තරගයේදී කැන්ඩි වොරියර්ස් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් ඇත. අද දිනයේදී ඔවුන් දෙදෙනා කණ්ඩායම සමග එක්ව පුහුණුවීම්වල නිරත වීමට නියමිත බවත්, යළිත් වරක් පී.සී.ආර්. පරීක්ෂණයකට මුහුණදීමෙන් අනතුරුව ඔවුන්ට තරග සඳහා සහභාගි විය හැකි බවත් කලමණාකරු විනෝදන් මහතා කියා සිටියේය.
මේ වන විට 36 වැනි වියේ පසුවන තුන් ඉරියව් ක්‍රීඩක බොපාරා ලොව පුරා විස්සයි-20 තරග 398 කදී ශතකයක් සහ අර්ධ ශතක 40 ක් සමග ලකුණු 7744 ක් රැස්කරගෙන ඇති අතර එහිදී බිඳහෙළා ඇති කඩුලු සංඛ්‍යාව 243 කි. විසිපස් හැවිරිදි කඩුලු රකින ක්‍රීඩක මූරස් මේ වන විට විස්සයි-20 තරග 90 කදී අර්ධ ශතක 6 ක් සමග ලකුණු 1377 ක් රැස්කරගෙන ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.