Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මතුගම ශාන්ත මරියා විදුහල සහ මතුගම ආනන්ද ශාස්ත්‍රාලය අතර මතුගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැති 56 වැනි ‘පස්දුන් කෝරලේ හටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය අද (16 වැනිදා) ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය.
තරගය නිමාවට පත්වන විට පන්දුවට පහරදෙමින් සිටි ශාන්ත මරියා විදුහල සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 7 ක් දැවී ලකුණු 358 ක් ලබා සිටියේය. ශාන්ත මරියා ඉනිමේ කොඳු නාරටිය බවට පත්වූ නවීන් දේවින්ද, ලකුණු 148 ක් රැස්කරමින් එහිදී විශිෂ්ට පිතිහරඹයක නිරත විය.
ශාන්ත මරියා විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගැනීමට හිරාන් ලක්ෂිත (66) සමත් වූ අතර කොවිඳු වික්‍රමසිංහ ලකුණු 44 ක්ද, ලේෂාන් වෙල්ගම ලකුණු 42 ක්ද රැස්කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.
කාසියේ වාසිය දිනූ ශාන්ත මරියා විදුහල් කණ්ඩායමේ නායකයාගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ආනන්ද ශාස්ත්‍රාලය කඩුලු 9 ක් දැවී ලකුණු 276 ක් ලබාගැනීමෙන් අනතුරුව සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළේය. එහිදී ආනන්ද ශාස්ත්‍රාලය වෙනුවෙන් මධුර මල්ෂාන් (85), පුලින්ද ප්‍රභාෂ්වර (56) සහ සිතුම් දේෂාන් (50) යන ක්‍රීඩකයෝ අර්ධ ශතක ලබාගත්හ.
ශාන්ත මරියා විදුහල වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ කොවිඳු වික්‍රමසිංහ ලකුණු 75 කට කඩුලු 5 ක් දවාගත් අතර ආනන්ද ශාස්ත්‍රාලයීය පිතිකරුවන් පීඩනයට පත්කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් තීක්ෂණ ලියනගේ ලකුණු 70 කට කඩුලු 4 ක් බිඳහෙළීය.
ආනන්ද ශාස්ත්‍රාල පළමු ඉනිම - ඕවර 82 කදී කඩුලු 9 ක් දැවී 276
(මධුර මල්ෂාන් 85, පුලින්ද ප්‍රභාෂ්වර 56, සිතුම් දේෂාන් 50, කොවිඳු වික්‍රමසිංහ 74/5, තීක්ෂණ ලියනගේ 70/4)
ශාන්ත මරියා විදුහල් පළමු ඉනිම - ඕවර 103.1 කදී කඩුලු 7 දැවී 358
(නවීන් දේවින්ද 148, හිරාන් ලක්ෂිත 66, කොවිඳු වික්‍රමසිංහ 44, ලේෂාන් වෙල්ගම 42, සහන් විතානගේ 41/2, එනුල අවිෂ්ක 64/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.