Last Update  :  2025-03-31 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පස්දුන් කෝරළේ සටන හෙට - අනිද්දා මතුගමදී
මහ ක්‍රිකට් තරග

පස්දුන් කෝරළේ සටන හෙට - අනිද්දා මතුගමදී

editorial - 2025 මාර් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(මතුගම බන්දු තඹවිට සහ බුලත්සිංහල ලක්ෂි කුඩලිගම)

මතුගම ශාන්ත මරියා මහා විදුහල හා ආනන්ද ශාස්ත්‍රාලය අතර පැවැත්වෙන 60 වැනි 'පස්දුන් කෝරළේ සටන' වාර්ෂික මහා ක්‍රිකට් තරගය හෙට (7 වැනිදා) සහ අනිද්දා (8 වැනිදා) යන දිනවලදී මතුගම මහජන ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

1963 වර්ෂයේදී මෙම විදුහල් දෙක අතර ප්‍රථම මහා ක්‍රිකට් තරගය පවත්වා ඇති අතර එම තරගයේදී වින්සන්ට් ධර්මදාස විසින් ශාන්ත මරියා කණ්ඩායමත්, එන්.ඩබ්ලිව්. ජෝන් විසින් ආනන්ද ශාස්ත්‍රාලීය කණ්ඩායමත් මෙහෙයවනු ලැබ ඇත.

දෙවිදුහල් අතර මේ දක්වා පැවති තරග 59 දී ශාන්ත මරියා විදුහල තරග 12 ක්ද , ආනන්ද ශාස්ත්‍රාලය තරග 2 ක්ද, ජයග්‍රහණය කර ඇති අතර සෙසු තරග ජය පැරදුමෙන් තොරව අවසන්වී ඇත. අවසන් වරට ශාන්ත මරියා විදුහල් කණ්ඩායම 2010 වසරේදී චානක දුෂ්මන්තගේ නායකත්වයෙන් ජයග්‍රහණය ලබා ඇති අතර ආනන්ද ශාස්ත්‍රාලය අවසන් වරට ජයග්‍රහණය ලබා ඇත්තේ 1976 වර්ෂයේ අනුර ජයසිංහගේ නායකත්වයෙනි.

මෙවර ශාන්ත මරියා පිලේ නායකයා ලෙස යසිත් සත්සර ද, ආනන්ද ශාස්ත්‍රාලීය පිලේ නායකයා ලෙස තීක්ෂණ පීරිස් ද කටයුතු කරති. ශාන්ත මරියා පිලේ උප නායක ලෙස රනිඳු නිපුන් ද, ආනන්ද ශාස්ත්‍රාලීය පිලේ උප නායක ලෙස සසිඳු ඉදුසරද තම කණ්ඩායම් වලට ශක්තිය ලබාදෙති.

මෙවර පාසල් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ 'ඒ' තලය යටතේ තරග වැදුණු ශාන්ත මරියා විදුහල් කණ්ඩායමට එහි අර්ධ අවසන් පුර්ව වටය දක්වා පැමිණීමට හැකිවිය. එහිදී පළමු වටයේ පැවති තරග 07 දී ඉනිමක ජයග්‍රහණ 02 ක් සමග පූර්ණ ජයග්‍රහණ 05 ක්ද, පළමු ඉනිමේ ජයග්‍රහණ 02 ක්ද ලබා ගැනීමට ඔවුහු සමත් වූහ. ආනන්ද ශාස්ත්‍රාලීය කණ්ඩායම මෙවර තරග වාරයේදී තරග 12 කට සහභාගී වී තරඟ 7 ක් ජයග්‍රහණය කර තරග 2 ක් ජය පරාජයෙන් තොරව අවසන් කරගෙන ඇති අතර තරග 3 ක් පරාජය වී ඇත.

 

ශාන්ත මරියා ක්‍රිකට් කණ්ඩායම -
පළමු පෙළ:- යසිත් සත්සර (නායක), තිලංකා අධිකාරම් (සහාය ක්‍රිකට් භාර ආචාර්ය), අරුණ ගමගේ (ක්‍රිකට් භාර ආචාර්ය), පී.ඒ.සී. ප්‍රියදර්ශනී (විදුහල්පති), ප්‍රිමාල් බුද්ධික (පුහුණුකරු) සම්පත් ජයවර්ධන ( සහාය ක්‍රිකට් භාර ආචාර්ය) සහ රනිඳු නිපුන්  ( උප නායක).
දෙවන පෙළ:- නේශාන් සස්මිත , හිරුක දෙව්නෝද් ,සුභාත් සංදීප ,උදිත් ඉඳුවර ,කිසල් සත්සිදු, අචින්ත ශානුක, සුපුන් තත්සර, නිරෝෂ් ඉමල්ක සහ ලිතුම් රන්සික
තෙවැනි පෙළ:- කවීෂ රන්දෙව්, ජනිත් සේනිය, ජයශංක ගුණතිලක, දිනීෂ සමිත්, සුනාත් සත්තිදු, සන්රුක් පැහැසර, උවිඳු හන්සනෙත්, හිරුෂ පැතුම් සහ ධනිදු චාමිකර

 

ආනන්ද ශාස්ත්‍රාලය ක්‍රිකට් කණ්ඩායම -
ඉදිරි පෙළ:- තීක්ෂණ පීරිස් (නායක), ධනුක සිල්වා (සහය පුහුණුකරු ), චානක ඉහලහේවා (ක්‍රිකට් භාර ආචාර්ය), රන්දුන් ජයලත් ( විදුහල්පති), චානක මිලින්ද (පුහුණුකරු) සහ සසිඳු ඉදුසර (උප නායක)
දෙවන පෙළ:- සංදීප මුණසිංහ, බෙනුක ඉඳුවර, වෙනුෂ වෙත්මින්, පැතුම් මුතුමල්, ශිහාන් තීක්ෂණ, බිනුල් මන්තිල, දෙසදු චත්රුක සහ කවික විදුනෙත්
තෙවැනි පෙළ :- තිනුර නිම්තෙර, මෙනුජ සන්තුෂ, දෙනෙත් අංජන, තරුෂ දසුන් සහ පහන් තුලක්ෂිත


අදහස් (0)

පස්දුන් කෝරළේ සටන හෙට - අනිද්දා මතුගමදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.