Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පළමු කොටසේ ශූරතාව ශා.ජෝසප් විද්‍යාලයට

පළමු කොටසේ ශූරතාව ශා.ජෝසප් විද්‍යාලයට

සංජය එරමුදුගොඩ - 2019 අප්‍රේ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ ශූරතාව දිනාගැනීමට කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයට අද (12 වැනිදා) සමත්විය. අනුශූරතාව ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයට හිමිවිය.

කොළඹ රාජකීය විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයග්‍රහණයක් හිමිකරගත් ශාන්ත ජෝසප් විද්‍යාලය ශූරතාව දිනාගත්තේය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් සාන්ත තෝමස් විද්‍යාලයට සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 216 ක් පමණි.

හුදකලා සටනක නිරතවූ සිතාර හපුහින්න (117) ශතකයක් ලබාගනිමින් සාන්ත තෝමස් විද්‍යාලය ලකුණු 200 සීමාවෙන් ඔබ්බට රැගෙන යාමට සමත්විය.

දක්ෂ පන්දු යැවීමක නිරතවූ දුනිත් වෙල්ලාලගේ ලකුණු 45 කට කඩුලු 5 ක් ද ශාලින්ද සෙනවිරත්න සහ අෂීන් ඩැනියල් කඩුලු 2 බැගින්ද දවාගනිමින් සාන්ත තෝමස් විද්‍යාලය අඩු ලකුණු සංඛ්‍යාවකට සීමාකිරීමට සමත්වූහ.

පිළිතුරු ඉනිම ඇරඹු ශාන්ත ජෝසප් විද්‍යාලය සියලුදෙනා දැවී පළමු ඉනිම සඳහා ලකුණු 269 ක් රැස්කිරීමට සමත්විය. පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද දස්කම් දැක්වූ දුනිත් වෙල්ලාලගේ (88) අර්ධ ශතකයක් ලබාගනිමින් ශාන්ත ජෝසප් විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන යාමට අවශ්‍ය අඩිතාලම දමා දුන්නේය. දිනෙත් ජයකොඩි ලකුණු 44 ක් සහ සචින්ද රවිඳු ලකුණු 34 ක් ලබාගැනීමට සමත්වූහ.

තෙවින් ඊරියගම, ශැනන් ප්‍රනාන්දු සහ කළණ පෙරේරා කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ලකුණු 53 ක් පසුපසින් සිට සිය දෙවැනි ඉනිම ඇරඹූ සාන්ත තෝමස් විද්‍යාලය කඩුලු 2 කට ලකුණු 67 ක් රැස්කර සිටියදී දෙපිලේම එකඟතාව මත තරගය අතහැර දැමීමට තීරණය කළේය.


සා.තෝමස් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 59.1 කදී සියලුදෙනා දැවී ලකුණු 216
(සිතාර හපුහින්න 117, රයන් ප්‍රනාන්දු 24, ඩෙලන් ප්‍රනාන්දු 21, දුනිත් වෙල්ලාලගේ 45/5, ශාලින්ද සෙනවිරත්න 34/2, අෂීන් ඩැනියල් 61/2)

ශා.ජෝසප් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 72 කදී සියලුදෙනා දැවී ලකුණු 269
(දුනිත් වෙල්ලාලගේ 88, දිනෙත් ජයකොඩි 44, සචින්ද රවිඳු 34, තෙවින් ඊරියගම 26/2, ශැනන් ප්‍රනාන්දු 49/2, කළණ පෙරේරා 97/2)

සා.තෝමස් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 12.1 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 67
(සිතාර හපුහින්න 38, ශලින් ද මෙල් 24)

 


අදහස් (0)

පළමු කොටසේ ශූරතාව ශා.ජෝසප් විද්‍යාලයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.