Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර මේ මස 31 වැනිදා ඩුබායිහිදී ආරම්භ වීමට නියමිතව තිබූ පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගය අබුඩාබි ක‍්‍රීඩාංගණයේ පැවැත්වීමට මේ වන විට තීරණය කර තිබේ. ඒ අනුව දෙවැනි ටෙස්ට් තරගය ඩුබායි ක‍්‍රීඩාංගණයේ පැවැත්වේ.
දෙරට අතර ටෙස්ට් තරගාවලියේ තරග තුන ඩුබායි, අබුඩාබි සහ සාජා යන ක‍්‍රීඩාංගණවලදී පැවැත්වීමට නියමිතව තිබුණි.
මෙම සංචාරයේ සිවුවැනි සහ පස්වැනි එක්දින තරග අබුඩාබිහිදී පැවැත්වෙන අතර ඒ සමග එහි ටෙස්ට් තරගය ද පැවැත්වීමෙන් ක‍්‍රීඩාංගණ අතර මාරුවීමට ගතවන පිරිවැය අඩු කර ගැනීමට සංවිධායකයෝ තීණය කර ඇති බව වාර්තා වේ.
මෙම ක‍්‍රීඩාංගණ දෙක අතර මාරුවීමට ගතවන කාලයක් පැයක් පමණ වේ. කෙසේ වෙතත් සජීවි රූපවාහිනී විකාශයක් ලබා දෙන තරගයක් සදහා රූපවාහිනී කාර්ය මණ්ඩලයට කිලෝමීටර ගණනක වයර් පමණක් යොදා ගැනීමට සිදුවේ.
සිවුවැනි සහ පස්වැනි එක්දින තරග අබුඩාබිහිදී මේ මස 25 සහ 27 දෙදින පැවැත්වේ. නිල කාල සටහනට අනුව පළමු ටෙස්ට් තරගය මේ මස 31 වැනිදා ඩුබායිහිදී ආරම්භ වීමට නියමිතව තිබුණි. නිල කාල සටහනට අනුව 27 වැනිදා තරගයෙන් පසුව ඩුබායිවලට ගොස් නැවතත් දෙවැනි ටෙස්ට් තරගයට ජනවාරි 8 වැනිදා අබුඩාබිවලට පැමිණීමට සිදුවේ. අනුව නැවත අබුඩාබි ක‍්‍රීඩාංගණයේ තරගය පැවැත්වීමේ පිරිවැය අවම කර ගැනීමට මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ ක‍්‍රීඩාංගණ වෙනස් කිරීමක් පිළිබඳව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මේ දක්වා දැනුවත් කර නොමැති බවයි.
‘‘මේ පිළිබඳව ඒ පිළිබඳව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලධාරීන්ගෙන් විමසුවා ඔවුන් පැවසුවේ තරගය මුල සිටම අබුඩාබිවල පැවැත්වීමට නියමිතව තිබූ බවයි’’ යැයි ලේකම්වරයා වැඩි දුරටත් පැවසීය.
කෙසේ වෙතත් ඊයේ (16) රාත‍්‍රී වන විටත් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිල වෙබ් අඩිවියේ ද සඳහන්ව තිබුණේ පළමු ටෙස්ට් තරගය ඩුබායිවල පැවැත්වෙන බවයි.
මෙම සංචාරයේ තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය හෙට (18) සාජාහිදී ආරම්භ වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.