Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර අද (19 වැනිදා) මහනුවර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී පැවැති පළමු විස්සයි/20 තරගය වර්ෂාව නිසා අතහැර දමන ලදි.
අද පස්වරු 5.00 ට පමණ ආරම්භ වූ වර්ෂාව ක‍්‍රමයෙන් වැඩිවූ අතර පස්වරු 6.30 ට තරගයේ කාසියේ වාසිය උරගා බැලීමට නියමිතව තිබූණද වැස්ස නැවතී නොතිබිණ. එහෙත් තරගය ආරම්භ කිරීමේ අදහසින් දෙපිලේ කී‍්‍රඩකයෝ කී‍්‍රඩාගාරයට වී සිටියහ.
රාතී‍්‍ර 8.40 වන තුරුත් වර්ෂාව නතර නොවීම නිසා තරගය අතහැර දැමීමට විනිසුරුවරු තීරණය කළහ. සවස් වරුවේ සිටම කී‍්‍රඩාංගණය සම්පූර්ණයෙන්ම ආවරණය කර තිබිණ.
තරගාවලියේ දෙවැනි සහ අවසාන තරගය 21 වැනිදා පැවැත්වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.