Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්ත කණ්ඩායමට එරෙහිව සදම්ප්ටන් නුවර රෝස් බෝල් ක්රීඩාංගණයේදී පැවැති පළමු විස්සයි-20 තරගයෙන් ලකුණු 28 ක ජයක් වාර්තා කිරීමට සංචාරක ඕස්ටේ්රලියානු කණ්ඩායම සමත් විය. ජයග්රහණය සඳහා ලකුණු 180 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායමට ඕවර 19.2 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 151 ක් පමණි.
එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ලයෑම් ලිවිංග්ස්ටන් පන්දු 27 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 37 ක් ලබාගත්තේය. දක්ෂ පන්දු යැවීමක නිරත වූ ෂෝන් ඇබට් කඩුලු 3 ක්ද, ඇඩම් සම්පා සහ ජොෂ් හෙසල්වුඩ් කඩුලු 2 බැගින්ද බිඳහෙළමින් එංගලන්ත ඉනිම සුනුවිසුණු කර දැමූහ.
පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ටේ්රලියානු කණ්ඩායම ඕවර 19.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 179 ක් ලබාගත් අතර වේගවත් පිතිහරඹයක නිරත වූ අරම්භක පිතිකරු ට්රැවීස් හෙඩ් පන්දු 23 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 8 ක් සමග ලකුණු 59 ක් රැස්කළේය. එහිදී සෑම් කරන් යැවූ ඕවරයකදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 30 ක් රැස්කිරීමටද හෙඩ් සමත් විය.
මැතිව් ෂෝට් (41) සමග එක්ව ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 30 කදී ලකුණු 86 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද හෙඩ් සමත් වූ අතර පන්දු 26 කදී වාර්තා වූ ෂෝට්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් විය. ජොෂ් ඉංග්ලිෂ් පන්දු 27 කින් ලකුණු 37 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගිනි.
ඕස්ටේ්රලියාව - ඕවර 19.3 කදී සියලු දෙනා දැවී 179
(මැතිව් ෂෝට් 41, ට්රැවීස් හෙඩ් 59, ජොෂ් හෙසල්වුඩ් 37, ලයෑම් ලිවිංග්ස්ටන් 22/3, සකීබ් මහමුද් 21/2, ජොෆ්රා ආචර් 31/2)
එංගලන්තය - ඕවර 19.2 කදී සියලු දෙනා දැවී 151
(පිලිප් සෝල්ස් 20, ජෝඩාන් කොක්ස් 17, ලයෑම් ලිවිංග්ස්ටන් 37, සෑම් කරන් 18, ජෙමී ඕවර්ටන් 15, ෂෝන් ඇබට් 28/3, ඇඩම් සම්පා 20/2, ජොෂ් හෙසල්වුඩ් 32/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.