Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරාජය පිටුපස කුමන්ත්‍රණයක් පවතින බවට මාධ්‍ය නිවේදනයක් මගින් ප්‍රකාශ කළ ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා හෙට (21) ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ පොලිස් ඒකකයට කැඳවා තිබේ.
ඔහු අද පස්වරු 2ට ඒ සඳහා සිය නීතිඥවරයා සමග පැමිණෙන බව එහිදී ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ පොලිස් ඒකකයට දැනුම්දී තිබේ.
ඔහුට ඒ සඳහා මෙම පොලිස් ඒකකය කැඳවීම් කර තිබුණේ හෙට පෙරවරු 9ටය. එහෙත් ඔහුගේ ඉල්ලීමක් සලකා බලමින් ඔහු කැඳවෙන කාලය සංශෝධනය කිරීමට එහිදී ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ පොලිස් ඒකකය කැමැත්ත පළ කර තිබේ.
කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයේ මෙම පොලිස් ඒකකය ස්ථාපිත කර තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන තරග පරාජයෙන් පසුව ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා එල්ල වෙමින් තිබූ චෝදනාවලට පිළිතුරු දෙමින් පැවසුවේ ශ්‍රී ලංකාවේ පරාජය පිටුපස කුමන්ත්‍රණයක් පවතින බවත් එය හෙළි කිරීමට තමා සූදානම් බවත්ය.
ඒ සම්බන්ධයෙන් ඔහු දීර්ඝව කරුණු දක්වමින් පසුගිය නොවැම්බර් 14 වැනිදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේය. ඒ පිළිබඳව අවධානය යොමු කරමින් ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා ක්‍රීඩා වැරදි සෙවීමේ පොලිස් ඒකකයට දැනුම් දුන්නේ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට පියවර ගන්නා ලෙසයි.
ඒ අනුව එම කටයුතු ආරම්භ කිරීම සඳහා පළමුව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා වික්‍රමසිංහ මහතා අද සිය ඒකකයට කැඳවන බව එහි ප්‍රකාශකයකු ‘ලංකාදීප’යට පැවසීය.
ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ අදාළ මාධ්‍ය නිවේදනයේ දක්වා තිබෙන පරිදි තරග පරාජයේ කුමන්ත්‍රණයේ පිටුපස තරග පාවාදීමේ සූදූවේ නිරත තැරව්කරුවන්ද ජාතික කණ්ඩායමේ ස්ථානය තහවුරු කර ගැනීමට වෙර දරන පුද්ගලයන් මෙන්ම මෙම ක්‍රියාවන්ට අතදිග හැර වියදම් කරන්නන්ද සිට ඇත.
2019 අංක 24 දරන ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත යටතේ පුළුල් බලතල සහිතව පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් ස්ථාපිත කළ ක්‍රීඩා වැරදි සෙවීමේ පොලිස් ඒකකයේ විශේෂත්වය එය ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාට ඍජුව වගකියන පොලිස් ඒකකයක් වීමයි.
එම ඒකකයට පැවරී තිබෙන බලතල යටතේ තොරතුරු හෙළිදරව් කිරීම, පැහැර හැරීම, විමර්ශනයක් සම්බන්ධයෙන් සහයෝගය දැක්වීම ආදිය පැහැර හරින්නකුද මහේස්ත්‍රාත්වරයකු විසින් වරදකරුවකු කිරීමේදී රුපියල් ලක්ෂ දෙකකට නොවැඩි දඩයකට හෝ අවුරුදු තුනක් නොඉක්මවන කාලයක් සඳහා බන්ධනාගාර ගත කිරීමක් හෝ එම දඬුවම් දෙකටම ඔහුට එකවර යටත් වීමට සිදුවනු ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.