Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ප්‍රවීන්ගේ විශිෂ්ට පන්දු යැවීමෙන් මුවර්ස් පිලට ලකුණු 44 ක ජයක්

ප්‍රවීන්ගේ විශිෂ්ට පන්දු යැවීමෙන් මුවර්ස් පිලට ලකුණු 44 ක ජයක්

ශානුක අරවින්ද - 2020 අගෝ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ප්‍රවීන් ජයවික්‍රමගේ (144/11) දක්ෂ පන්දු යැවීම හේතුවෙන් අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රීකට් තරගාවලියේ පළඟ ශූරතාව යටතේ පැවැති තරගයකදී ද්‍රවිඩ සංගම් කණ්ඩායමට එරෙහිව ලකුණු 44 ක ජයක් වාර්තා කිරීමට මුවර්ස් කණ්ඩායම සමත් විය. මෙම තරගය මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

පළමු ඉනිමේදී ලකුණු 53 කට කඩුලු 5 ක් දවාගත් ප්‍රවීන්, ජයග්‍රහණය සඳහා ලකුණු 200 ක ඉලක්කයක් හඹාගිය ද්‍රවිඩ සංගම් කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 155 කට සීමා කරමින් ලකුණු 91 කට කඩුලු 6 ක් දවාගත්තේය. මෙම තරගයේදී නොදැවී ලකුණු 95 ක් රැස්කරමින් සහ ලකුණු 109 කට කඩුලු 12 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද එකසේ දස්කම් දැක්වීමට ද්‍රවිඩ සංගම් කණ්ඩායමේ ධනංජය ද සිල්වා සමත් වූ නමුත් ඔහුට සිය කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට නොහැකි විය.

ලන්කන් කණ්ඩායමේ නායක චානක රුවන්සිරි (165), එස්.එස්.සී. කණ්ඩායමේ නායක දසුන් ශානක (112), බදුරලිය කණ්ඩායමේ දුෂාන් හේමන්ත (115) ගෙවීගිය තරගවලදී ශතක ලබාගත් අතර මීගමුව කණ්ඩායමේ උපුල් ඉන්ද්‍රසිරි එහිදී ලකුණු 150 කට කඩුලු 10 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිතර විය.


මුවර්ස් සහ ද්‍රවිඩ සංගම් කණ්ඩායම් අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී
මූවර්ස් පළමු ඉනිම - සියලු දෙනා දැවී 206
ද්‍රවිඩ සංගම් පළමු ඉනිම - සියලු දෙනා දැවී 178
එස්.එස්.සී. දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 171
ද්‍රවිඩ සංගම් දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 155

(තරංග පරණවිතාන 30, මනෝජ් සරත්චන්ද්‍ර 15, ධක්ෂිත ප්‍රනාන්දු 20, ඉසුරු උදාන 18, සුරංග ලක්මාල් 40, ප්‍රවීන් ජයවික්‍රම 91/6, රමේෂ් මෙන්ඩිස් 18/2)  


එස්.එස්.සී. සහ ලංකන් කණ්ඩායම් අතර කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී
එස්.එස්.සී. පළමු ඉනිම - සියලු දෙනා දැවී 332
ලංකන් පළමු ඉනිම - සියලු දෙනා දැවී 375
එස්.එස්.සී. දෙවැනි ඉනිම - කඩුලු 4 ක් දැවී 226

(සඳුන් වීරක්කොඩි 67, නිවනිඳු ප්‍රනාන්දු 45, චරිත් අසලංක 34, කවිඳු කුලසේකර 33, දසුන් ශානක 23, ගීත් කුමාර 49/3)


මීගමුව සහ බදුරලිය කණ්ඩායම් අතර කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී
බදුරලිය පළමු ඉනිම - සියලු දෙනා දැවී 267  
මීගමුව පළමු ඉනිම - සියලු දෙනා දැවී 381  
බදුරලිය දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 276

(සාලින්ද උෂාන් 19, දුනිත් ජයතුංග 48, ළහිරු මිලන්ත 16, තිලකරත්න සම්පත් 20, දුෂාන් හේමන්ත 115, සහන් ජයවර්ධන 18, උපුල් ඉන්ද්‍රසිරි 85/5, ලක්ෂිත මානසිංහ 97/5)

 


අදහස් (0)

ප්‍රවීන්ගේ විශිෂ්ට පන්දු යැවීමෙන් මුවර්ස් පිලට ලකුණු 44 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.