Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ටේ‍්‍රලියාව සහ පාකිස්තානය අතර අබුඩාබිහි ශෙයික් සයිඞ් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ පළමු දිනය වූ අද (30 වැනිදා) තරගය නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි පාකිස්තාන පිල කඩුලූ 2 ක් දැවී ලකුණු 304 ක් ලබා සිටියේය.
දිනය නිමාවන විට යුනිස් ඛාන් ලකුණු 111 ක් සහ අසාර් අලි ලකුණු 101 ක් ලබා නොදැවී කඩුල්ලේ රැදීසිටියහ.
පාකිස්තාන පිලේ මුල් කඩුලූ 2 ලකුණු 96 ක් තුළ බිඳවැටුණ අතර ඉන්පසුව පිටියට පිවිසි යුනිස් ඛාන් සහ අසාර් අලි එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 208 ක නොබිඳුණ සම්බන්ධාතවක් ගොඩනගමින් තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.
හතරේ පහර 10 කින් සහ දැවැන්ත හයේ පහරකින් යුනිස් ඛාන් සිය ශතකය අලංකාර කළ අතර අසාර් අලිගේ ශතකයට හතරේ පහර 6 ත් ඇතුළත් විය.
කාසියේ වාසිය දිනූ පාකිස්තාන පිලේ නායක මිස්බා උල් හක් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
පාකිස්තාන පළමු ඉනිම - කඩුලූ 2 ක් දැවී 304
(අහමඞ් ශෙහෙසාද් 35, මොහොමඞ් හෆීස් 45, අසාර් අලී නොදැවී 101, යුනිස් ඛාන් නොදැවී 111)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.