Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පාකිස්තානය ලකුණු 319 ක් ඉදිරියෙන්

පාකිස්තානය ලකුණු 319 ක් ඉදිරියෙන්

ශනුක අරවින්ද - 2014 නොවැ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තානය සහ නවසීලන්තය අතර අබු ඩාබිහි ශෙයික් සයිඞ් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තෙවැනි දිනය වූ අද (11 වැනිදා) තරගය නතර කරන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි පාකිස්තාන පිල කිසිවකු නොදැවී ලකුණු 15 ක් ලබා සිටියේය. පළමු ඉනිමේදී ලද ලකුණු 304 ක වාසියත් සමගින් මේ වන විට ඔවුහු නවසීලන්තයට වඩා ලකුණු 319 ක් ඉදිරියෙන් සිටිති.

පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත පිලට සියලූ දෙනා දැවී රැුස්කරගත හැකිවූයේ ලකුණු 262 ක් පමණි. එහිදී හුදෙකලා ඉනිමක් කී‍්‍රඩා කළ ටොම් ලේතම් හතරේ පහර 13 ක් සමගින් ශතකයක් ලබාගත්තේය.

නවසීලන්ත ඉනිම ලකුණු 262 කට සීමා කරමින් රාහට් අලී කඩුලූ 4 ක් සහ සුල්ෆිකර් බාබර් කඩුලූ 3 ක් දවාගැනීමට සමත්වූහ.

පාකිස්තාන පළමු ඉනිම - කඩුලූ 3 ක් දැවී 566
(මොහොමඞ් හෆීස් 96, අහමඞ් ශෙහෙසාද් 176, අසාර් අලී 87, යුනිස් ඛාන් නොදැවී 100, මිස්බා උල් හක් නොදැවී 102, කෝරි ඇන්ඩර්සන් 68/2)

නවසීලන්ත පළමු ඉනිම - සියලූ දෙනා දැවී 262
(ටොම් ලේතම් 103, බ්‍රෙන්ඩන් මැකලම් 18, කෝරි ඇන්ඩර්සන් 48, බෙන් වෙට්ලින් 42, ඉෂ් සෝධි 25, රාහට් අලි 24/4, ශුල්ෆිකර් බාබර් 79/3)

පාකිස්තාන දෙවැනි ඉනිම - කිසිවකු නොදැවී 15

-036

 


අදහස් (0)

පාකිස්තානය ලකුණු 319 ක් ඉදිරියෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.