Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පාකිස්තානයට කඩුලූ 9 ක ජයක්

පාකිස්තානයට කඩුලූ 9 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2013 අගෝ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු කි‍්‍රකට් සංගමය විසින් සංවිධානය කරන ආසියාවේ නැගී එන කණ්ඩායම් අතර සිංගප්පූරුවේදී පැවැත්වෙන කි‍්‍රකට් තරගාවලියේ අද (21 වැනිදා) පැවති තරගයකින් නේපාල පිල පරදවා කඩුලූ 9 ක ජයක් ලබාගැනීමට පාකිස්තාන වයස 23 පහළ පිල සමත්විය.

ලකූණු 157 ක පහසු ඉලක්කයක් හඹාගිය පාකිස්තාන කී‍්‍රඩකයෝ  ඕවර 33.1 කදී එක් කඩුල්ලක් පමණක් දැවී එම ඉලක්කය සම්පූර්ණ කලහ.

     

ශතකයක් රැස්කළ බාබර් අසාම්


පාකිස්තාන පිලේ ආරම්භක පිතිකරු බාබර් අසාම් පන්දු 118 කදී නොදැවී ලකුණු 100 රැස්කරමින් තම පිල ජයග‍්‍රහණය කරා රැගෙන ගිය අතර ඔහුගේ ශතකයට හතරේ පහර 11 ක් ඇතුළත්විය.

 

නේපාලය - ඕවර 50 කදී සියලූදෙනා දැවී 156
(සුභාෂ් කාකුරල් 78, බිනෝද් බද්රි 16, බසන්ත් රෙග්මි නොදැවී 16, රාසා හසන් 21/3, උස්මන් කදීර් 27/2)

පාකිස්තාන වයස 23 පහළ පිල - ඕවර 33.1 කදී කඩුලූ 1 කට 159
(බාබර් අසාම් 100, අසීම් ගුම්මාන් 15, අමීඞ් අසාම් නොදැවී 41)

 


අදහස් (0)

පාකිස්තානයට කඩුලූ 9 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.