Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට එරෙහිව රාවල්පිණ්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු සිවුදින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට පාකිස්ථාන ‘ඒ’ කණ්ඩායම අද (14 වැනිදා) සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 222 ක ඉලක්කයක් හඹාගිය පාකිස්ථාන ක්‍රීඩකයෝ කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය සපුරාගත්හ.
දක්ෂ පිතිහරඹයක නිරත වූ අලී සර්යබ් හතරේ පහර 11 ක් සමග නොදැවී ලකුණු 83 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය. මොහොමඩ් සුලේමන් හතරේ පහර 11 ක් සමග ලකුණු 86 ක් රැස්කරමින් ජයග්‍රහණය සඳහා දායකත්වය දැක්වීය. ඔවුන් දෙදෙනා එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ සම්බන්ධතාව ලකුණු 158 කි.
තෙවැනි දිනය වූ පෙරේදා (13 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට කඩුලු 9 ක් දැවී ලකුණු 364 ක් ලබා සිටි ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම, ඊයේ දිනයේදී සිය දෙවැනි ඉනිමට එක් ලකුණක් හෝ එක්කර ගැනීමට පෙරාතුව ඔවුන්ගේ ඉතිරි කඩුල්ලත් අහිමිකර ගත්හ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ කුරාම් ශෙෂාඩ් ලකුණු 70 කට කඩුලු 5 ක් බිඳහෙළීමට සමත් විය.
ලකුණු 143 ක් පසුපසින් සිටිමින් දෙවැනි ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතක ලබාගත් අහන් වික්‍රමසිංහ (53), පසිඳු සූරියබණ්ඩාර (64), පවන් රත්නායක (60), සොනාල් දිනූෂ (62) සහ වනුජ සහන් (73) සිය කණ්ඩායම තරගයක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියහ.
ශ්‍රී ලංකා ‘ඒ’ පිල - පළමු ඉනිම සියලු දෙනා දැවී 115
(සොනාල් දිනූෂ 30, පසිඳු සූරියබණ්ඩාර 28, විශාද් රන්දික 18, ඉසිත විජේසුන්දර 13, කශීෆ් අලී 31/5, කුරාම් ශෙෂාඩ් 32/4)
පාකිස්තානු ‘ඒ’ පිල - පළමු ඉනිම සියලු දෙනා දැවී 258
(අබ්දුල් ෆෂී 26, අලී සර්යබ් 55, මොහොමඩ් සුලෙයිමාන් 24, හුසේන් තලාත් 56, රොහේල් නසීර් 55, විශ්ව ප්‍රනාන්දු 44/4, ඉසිත විජේසුන්දර 49/2, නිසල තාරක 57/2)
ශ්‍රී ලංකා ‘ඒ’ පිල - දෙවැනි ඉනිම සියලු දෙනා දැවී 364
(නිපුන් ධනංජය 28, අහන් වික්‍රමසිංහ 53, පසිඳු සූරියබණ්ඩාර 64, පවන් රත්නායක 60, සොනාල් දිනූෂ 62, වනුජ සහන් 73, කුරාම් ශෙෂාඩ් 70/5, කශීෆ් අලී 79/2, මොහොමඩ් සුලෙයිමාන් 21/2)
පාකිස්තානු ‘ඒ’ පිල - දෙවැනි ඉනිම කඩුලු 3 ක් දැවී 222
(අබ්දුල් ෆෂී 22, අලී සර්යබ් නොදැවී 83, මොහොමඩ් සුලෙයිමාන් 86, හයිඩර් අලී නොදැවී 19)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.