Last Update  :  2024-09-07 19:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පාකිස්තානය අවසන් පූර්ව වටයට
ආසියානු කුසලාන වි20 කාන්තා

පාකිස්තානය අවසන් පූර්ව වටයට

editorial - 2024 ජුලි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු කුසලාන කාන්තා විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ නමවැනි තරගය ලෙස පාකිස්තාන කාන්තා පිල සහ එක්සත් අරාබි එමීර් කාන්තා පිල අතර රංගිරි දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (23 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 10 ක පහසු ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කාන්තා කණ්ඩායම සමත් විය. 

එම ජයත් සමග පාකිස්තාන කාන්තා කණ්ඩායම තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් අතර එක්සත් අරාබි එමීර් කණ්ඩායම තරගාවලියෙන් ඉවතට විසිවිය. ඊයේ රාත්‍රියේ ඉන්දියාව සහ නේපාලය අතර පැවැත්වීමට නියමිතව තිබූ තරගයේ ප්‍රතිඵය අනුව ‘ඒ’ කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට පිවිසෙන කණ්ඩායමේ දෙකේ ස්ථාන තීරණය වීමට නියමිතව තිබිණ.  

ජයග්‍රහණය සඳහා ලකුණු 104 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන ක්‍රීඩිකාවෝ ඕවර 14.1 ක් අවසානයේ කිසිවකු නොදැවී ඉලක්කය සපුරාගත්හ. ගුල් ෆෙරෝසා පන්දු 55කදී හතරේ පහර 8 ක් සමග නොදැවී ලකුණු 62 ක්ද, මුනීබා අලී පන්දු 30 කදී හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 37 ක්ද රැස්කරමින් පාකිස්තාන කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ.  

පළමුවෙන් පන්දුවට පහරදුන් එක්සත් අරාබි එමීර් කාන්තා කණ්ඩායමට පාකිස්තාන පන්දු යවන්නියන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 8 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 103 ක් පමණි. ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වූ තීර්තා සතිෂ් පන්දු 36 කින් ලකුණු 40 ක් රැස්කළේ හතරේ පහර 5 ක් සමගිනි. 


එක්සත් අරාබි එමීර් කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 103 
(ඊෂා රොහිත් 16, තීර්තා සතිෂ් 40, සදියා ඉක්බාල් 11/2, තාබු හසන් 17/2, නෂ්රා සන්ධු 22/2) 

පාකිස්තාන කාන්තා පිල - ඕවර 14.1 කදී කිසිවකු නොදැවී 108 
(ගුල් ෆෙරෝසා නොදැවී 62, මුනීබා අලී නොදැවී 37) 

(ඡායාරූප - ආසියානු ක්‍රිකට් සම්මේලනය අනුග්‍රහයෙනි)

-036 


අදහස් (0)

පාකිස්තානය අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.