Last Update  :  2024-12-26 20:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පාකිස්තානයෙන් ද. අප්‍රිකාවට සම්පූර්ණ සුද්දයක්

පාකිස්තානයෙන් ද. අප්‍රිකාවට සම්පූර්ණ සුද්දයක්

editorial - 2024 දෙසැ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තානය සහ දකුණු අප්‍රිකාව අතර ජොහැන්සන්බර්ග්හිදී ඊයේ (22 වැනිදා) පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 36 ක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය. මෙම ජයත් සමග දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 3-0 ක් ලෙස ජය ගැනීමටද පාකිස්ථාන ක්‍රීඩකයෝ සමත් වූහ. 

ජයග්‍රහණය සඳහා ඕවර 47 කදී ලකුණු 309 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකාවට ඕවර 42 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 271 ක් පමණි. දකුණු අප්‍රිකාව වෙනුවෙන් වේගවත් පිතිහරඹයක නිරත වූ හෙන්රිච් ක්ලාසන් පන්දු 43 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 12 ක් සමග වේගවත් ලකුණු 81 ක් රැස්කළද ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය. 

පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ සුෆියාන් මුකීම් නිලකුණු ඕවරයක්ද සමග ඕවර 8 ක් යවමින් ලකුණු 52 කට කඩුලු 4 ක් දවාගත්තේය. දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් ශහීන් අෆ්රිඩි ලකුණු 70 කට කඩුලු 2 ක්ද, නසීම් ෂා ලකුණු 63 කට කඩුලු 2 ක්ද බැගින් බිඳහෙළුෑහ. 

පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම ඕවර 47 අවසානයේ කඩුලු 9 දැවී ලකුණු 308 ක් ලබාගත් අතර එහිදී සිය තෙවැනි එක්දින ශතකය වාර්තා කිරීමට 22 හැවිරිදි සයිම් අයුබ් සමත් විය. පන්දු 94 කදී වාර්තා වූ ඔහුගේ ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 13 කින් සමන්විත විය. ආඝා සල්මාන් පන්දු 33 කින් ලකුණු 48 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගිනි. 

බාබර් අසාම් (52) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 133 කදී ලකුණු 114 ක සම්බන්ධතාවක් ගොඩනැගූ අයුබ්, ඉන් නොනැවතී නායක මොහොමඩ් රිස්වාන් (53) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 75 කදී ලකුණු 93 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් පාකිස්තාන  කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය. පන්දු 71 කදී වාර්තා වූ අසාම්ගේ ඉනිමට හතරේ පහර 7 ක්ද, පන්දු 52 කදී වාර්තා වූ රිස්වාන්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 5 ක්ද ඇතුළත් විය. 

පාකිස්තානය - ඕවර 47 කදී කඩුලු 9 ක් දැවී 308  
(සයිම් අයුබ් 101, බාබාර් අසාම් 52, මොහොමඩ් රිස්වාන් 53, ආඝා සල්මාන් 48, ටයාබ් තහීර් 28, කගිසෝ රබාඩා 56/3, ජොන් ෆෝචූන් 56/2, මාර්කෝ ජැන්සන් 58/2) 

දකුණු අප්‍රිකාව - ඕවර 42 කදී සියලු දෙනා දැවී 271 
(ටෝනි ඩි’ සෝර්සි 26, රාසි වැන්ඩර් ඩූසන් 35, ඒඩ්න් මාක්‍රම් 19, හෙන්රිච් ක්ලාසන් 81, මාර්කෝ ජැන්සන් 26, කෝබින් බොස්ච් නොදැවී 40, සුෆියාන් මුකීම් 52/4, නසීම් ෂා 63/2, ශහීන් අෆ්රිඩි 70/2) 

-036 


අදහස් (0)

පාකිස්තානයෙන් ද. අප්‍රිකාවට සම්පූර්ණ සුද්දයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.