Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාකිස්තානු සුපර් ලීග් තරගාවලිය සහභාගිවන ක්‍රීඩකයන් සහ නිළධාරීන්ගෙන් සමන්විත විශේෂ ගුවන් යානා දෙක එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඉතා සුරක්‍ෂිතව ගොඩබැස්සවූ බව පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය තහවුරු කළේය.
බොහෝ අවිනිශ්චිත තත්වයන්ගෙන් පසුව, පාකිස්තානු සුපර් ලීග් තරගාවලියේ කණ්ඩායම් 6 ට ආදාල ක්‍රීඩකයන් 200 ක් සහ විකාශන කාර්ය මණ්ඩලයේ නිලධාරීන් රැගත් විශේෂ ගුවන් යානා දෙකක් ලාහෝර් සහ කරච්චි සිට අබුඩාබි බලා පියාසර කළේය.
ඉන්දියාවේ සහ දකුණු අප්‍රිකාවේ සිට පැමිණෙන විකාශන කාර්ය මණ්ඩලය, ක්‍රීඩකයින් සහ නිලධාරීන් රැගත් විශේෂ ගුවන් ගමන් සඳහා ගොඩබෑමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලධාරීන් ඊයේ හවස අවසර ලබාදී තිබේ. මින් පෙර එම රටවල්හී සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත පැමිණෙන ගුවන් ගමන් සඳහා ගොඩබෑමේ අවසරය බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කර තිබුණි.
කරච්චි සහ ලාහෝර් සිට විශේෂ ගුවන් යානා දෙකක් ඊයේ දහවල් 1 ට පියාසර කිරීමට නියමිතව තිබූ නමුත් ඒවා පස්වරු 3 දක්වා ප්‍රමාද වූ අතර තවත් එකක් තාක්ෂණික ගැටළු හේතුවෙන් පස්වරු 5 දක්වා ද ප්‍රමාද විය.
එමෙන්ම ක්‍රීඩකයන් සහ නිළධාරීන් ඇතුළු 25 දෙනෙකුට එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් වීසා නිකුත් කර නොමැති අතර වීසා ලැබෙනතුරු ඔවුන් තම හෝටල්වල ජෛව ආරක්‍ෂිත බුබුලේ වාසය කරන බව පාකිස්තානු ක්‍රිකට් මණ්ඩලය පැවසීය. වීසා ලැබුණු පසුව ඔවුන්ව විශේෂ ගුවන් යානයකින් අබුඩාබී බලා පිටත් කර යවනු ඇත.
ක්වේටා ග්ලැඩියේටර්ස් තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් නවාස් දකුණු අප්‍රිකාවේ සිටින අතර දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් හා විකාශන කාර්ය මණ්ඩලය සමඟ ඔහු අබුඩාබි වෙත ගමන් කරනු ඇත. ඉදිරි දින දෙක තුළ තරගාවලියේ කාලසටහන ප්‍රකාශයට පත් කරනු ඇති බව පාකිස්තානු ක්‍රිකට් මණ්ඩලයේ ප්‍රකාශකයකු පැවසීය.
අබුඩාබියට ළඟා වන පිරිස දින හතක් නිරෝධායනය කරනු ලැබේ. ඒ අනුව ජුනි 20 වන විට තරගාවලිය අවසන් කිරීම සඳහා සමහර දිනවලදී තරග 2 බැගින් පැවැත්වීමට සිදුවනු ඇත. අවසන් තරග සමගින් තවත් තරග 20 ක් පැවැත්වීමට නියමිතව ඇත.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.