Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගයෙන් පාදුක්ක සිරි පියරතන විදුහල බන්ඩාරවෙල මධ්‍ය මහ විදුහලට එරෙහිව ලකුණු 282 ක දැවැන්ත ජයක් ලැබීමට සමත් විය. මෙම තරගය පියරතන විදුහල් ක්‍රීඩාපිටියේදී පැවැත්විණි.
එහිදී කඩුලු රකින ක්‍රීඩක තුෂාර ලියනගේ ගේ පිත්තේ දස්කම් කැපී පෙණුනිග ඉනිම දෙකේදීම ඔහු ශතක ලබා ගැනීමේ ආසන්නයටම පැමිණෙමින් දැවී ගියේය. තුෂාර එහිදී පන්දු 97කදී ලකුණු 91 ක් රැස් කළේ හතරේ පහර 11 ක හා හයේ පහර තුනක් සමගිනි.
සිරි පියරතන විදුහල කඩුලු සියළු දෙනා දැවී 324
(කවිත්‍ර කිත්මුක 60, තරූෂ ලියනගේ 89, කුලුණු තෂ්මික 12, දෙවින්ද්‍ර ලෝචන 49, චමක දහම් 37, හරිත චාරුක 34, චමිදු ඉරේෂ් 16, අනූද නෙත්සර 61/3, සශින්ත සෙනාල් 106/5) හා කඩුලු 5 ට 201 (තරූෂ ලියනගේ 91, කුලුණු තශ්මික 17, දෙවින්ද්‍ර ලෝචන 53, චමක දහම් 25)
බන්ඩාරගම මධ්‍ය මහ විදුහල සියලු දෙනා දැවී 93
(දෙවින්ද්‍ර ලෝචන 08/3, දුලීන පන්සිළු 13/3) හා සියළු දෙනා දැවී 150 (කලීප පන්චල 14, සන්ජන දිලන්ක 11, පුදසර යුනාල් 33/5, චනිදු වේරගල 16/4)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.