Last Update  :  2025-03-31 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පාසල් ක්‍රිකට් සංගමයට එරෙහි නඩුව වීසි කරයි
19 න් පහළ ක්‍රිකට්

පාසල් ක්‍රිකට් සංගමයට එරෙහි නඩුව වීසි කරයි

editorial - 2025 මාර් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රෝෂන් තුෂාර)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අවුරුදු 19න් පහළ පළමු කාණ්ඩයේ දෙදින ක්‍රිකට් තරගාවලියට එරෙහිව කොළඹ මහනාම විදුහල විසින් පවරන ලද නඩුව නිෂ්ප්‍රභා කිරීමට  කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා නියෝග කළේය. 

 ක්‍රිකට් තරගාවලිය ඉදිරියට පවත්වාගෙන යාම වළක්වමින් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයට නිකුත් කළ  වාරණයද මේ සමඟම විසුරුවා හැර ඇත. 

මේ අනුව පාසල් ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට නීතිමය බාධා ඉවත් වී තිබේ. 

මෙම නඩුව පැවරීමේදී, ආයතන සංග්‍රහයේ වගන්ති ප්‍රකාරව, මහානාම විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයා  අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතිය ලබාගෙන නොමැති වීම සහ අත්‍යවශ්‍ය පාර්ශව වගඋත්තරකරුවන් ලෙස නම් කර නොතිබීම සම්බන්ධයෙන් කරුණු සලකා බැලීමෙන් පසුව නඩුව නිෂ්ප්‍රභ කර ඇත.

කොළඹ මහානාම විදුහල සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර පැවැති අර්ධ අවසාන පූර්ව වටයේ තරගය සම්බන්ධයෙන් ඇතිවූ මතභේදයක් නිසා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය ඇතුළු පාර්ශව 51 කට එරෙහිව මහානාම විද්‍යාලය විසින් මෙම පෙත්සම ගොනුකොට තිබිණ‍. එහි අනුයාත ප්‍රතිඵලය වූයේ අනෙකුත් අර්ධ අවසන් තරග සහ අවසන් තරගය පැවැත්වීම වළක්වමින් වාරණ නියෝගයක් ද නිකුත් කිරීමයි. 

පැමිණිකාර මහානම විදුහල වෙනුවෙන් රනිල් සමරසූරිය, ඉෂාන් අලවතුරගේ  ඇතුළු නිතීඥවරු පිරිසක් නඩුවට පෙනී සිටියහ.  වගඋත්තරකාර ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය වෙනුවෙන්  නීතිඥ හිරාන් ජයසූරිය මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියහ. 


අදහස් (0)

පාසල් ක්‍රිකට් සංගමයට එරෙහි නඩුව වීසි කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.