Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
මොරටු මහ විදුහලත් පානදුර ශ්‍රී සුමංගලයත් අතර 73 වැනි වරටත් පැවැත්වෙන රන් හටනේ පළමු දිනය වූ අද (28 වැනිදා) ඕවර 90 ක් පුරාම දෙපිලේම පිතිකරුවෝ තට්ටු අල්ලමින් කාලය කා දැමූහ. ඕවර 57 ක් පුරා පන්දුවට පහර දුන් මොරටු විද්‍යාලයීය පිතිකරුවෝ ලකුණු 87 කට දැවී ගියහ. දිනයට නියමිත ඉතිරි ඕවර 33 දී ශ්‍රී සුමංගල පිතිකරුවන් තිදෙනකු දැවී ලබාගත්තේ ලකුණු 51 ක් පමණි.
මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගයේදී මොරටු විදුහලේ පිතිකරුවන්ගේ ලකුණු ලබාගැනීමේ වේගය ඕවරයකදී ලකුණු 1.52 ක් විය. ශ්‍රී සුමංගල පිතිකරුවන් ලකුණු ලබාගත්තේ ඕවරයකට ලකුණු 1.54 ක් ලෙසිනි. වඩාත් පහසු ලෙසින් කියැවෙන ආකාරය අනුව ඕවර දෙකකට ලකුණු 3 කි. දෙපිලේම ලකුණු රැස්කිරීම ඒ ආකාර විය.
වමතින් දඟ පන්දු යවන මෙවිඳු කුමාරසිරි ලකුණු 28 කට කඩුලු 5 ක් දවාගත්තේය.
වසර 75 කට ආසන්න ඉතිහාසයක් ඇතත් මෙම තරගය පළමු වතාවට තුන්දින තරගයක් ලෙසින් පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි. තට්ටු අල්ලමින් සිටි බැවින් දෙපිලේ කිසිම පිතිකරුවකුට පළමු දිනයේදී ලකුණු 30 ක් ඉක්මවා ලබාගත නොහැකි විය.
මොරටු මහ විදුහල - පළමු ඉනිම 87 යි
(විසල් සිරිවර්ධන 13, ෂෙහාර ප්‍රනාන්දු 27, සිතුම් සිල්වා 20, සදෙව් හෙට්ටිආරච්චි 33/3, මෙවිඳු කුමාරසිරි 28/5)
ශ්‍රී සුමංගල විදුහල - පළමු ඉනිම කඩුලු 3 ට 51 යි
(ඩුරංක සිල්වා 15, සන්දීප් විජේරත්න නොදැවී 17, අදීශ සෙනෙවිරත්න 19/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.