Last Update  :  2025-04-10 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පිතිකරුවෝ ලක්නව් පිලට ජය ගෙනෙති
අයි.පී.එල්. - 2025

පිතිකරුවෝ ලක්නව් පිලට ජය ගෙනෙති

editorial - 2025 අප්‍රේ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 21 වැනි තරගය ලෙස ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර කොල්කටා නුවර ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේදී අද (8 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 3 ක තියුණු ජයක් වාර්තා කිරීමට ලක්නව් කණ්ඩායම සමත් විය. ලක්නව් කණ්ඩායම මෙවර තරගාවලියේදී ලැබූ තෙවැනි ජය මෙය විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 239 ක ඉලක්කයක් හඹාගිය කොල්කටා ක්‍රීඩකයන්ට ඕවර 20 ක් අවසානයේ කඩුලු 7 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 234 ක් පමණි. වේගවත් පිතිහරඹයක නිරත වූ රිංකු සිං පන්දු 15 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 38 ක් රැස්කළද, ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය. 

එහිදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ අජින්ක්‍යා රහනේ පන්දු 35 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් සමග ලකුණු 61 ක් රැස්කළ අතර ආරම්භක පිතිකරු සුනිල් නරේන් පන්දු 13 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 30 ක්ද, වෙන්කටේෂ් අයියර් පන්දු 29 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 45 ක්ද රැස්කළහ. 

පළමුවෙන් පන්දුවට පහරදුන් ලක්නව් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 238 ක් ලබාගත් අතර එහිදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ නිකලස් පූරන් පන්දු 36 කින් නොදැවී ලකුණු 87 ක් රැස්කළේ හයේ පහර 8 ක් සහ හතරේ පහර 7 ක් සමගිනි. මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටින පූරන් මේ වන විට තරග 4 කදී ලබා සිටින ලකුණු සංඛ්‍යාව 201 කි. 

මිචෙල් මාෂ් (81) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 30 කදී ලකුණු 71 ක සම්බන්ධතාවක් ගොඩනැගූ පූරන්, ඉන් නොනැවතී අබ්දුල් සමාඩ් (6) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 18 කදී ලකුණු 51 ක වේගවත් සම්බන්ධතාවක්ද ගොඩනගමින් ලක්නව් කණ්ඩාමේ ලකුණු සංඛ්‍යාව 230 සීමාවෙන් ඔබ්බට ගෙන ගියේය. 

පන්දු 48 කදී වාර්තා වූ මාෂ්ගේ අර්ධ ශකකය හයේ පහර 5 කින් සහ හතරේ පහර 6 කින් සමන්විත වූ අතර පන්දු 28 කට මුහුණදුන් ඒඩ්න් මාක්‍රම් (47) හයේ පහර 2 කින් සහ හතරේ පහර 4 කින් සිය ඉනිම සැරසුවේය. එහිදී ඔවුන් දෙදෙනා එක්ව ලක්නව් කණ්ඩායමේ ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 62 කදී ගොඩනැගූ සම්බන්ධතාව ලකුණු 99 කි.

ලක්නව් සුපර් ජයන්ට්ස් පිල - ඕවර 20 කදී කඩුලු 3 ක් දැවී 238 
(ඒඩ්න් මාක්‍රම් 47, මිචෙල් මාෂ් 81, නිකලස් පූරන් නොදැවී 87, හර්ෂිත් රානා 51/2) 

කොල්කටා නයිට් රයිඩර්ස් පිල - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 234 
(සුනිල් නරේන් 30, අජින්ක්‍යා රහනේ 61, වෙන්කටේෂ් අයියර් 45, රිංකු සිං නොදැවී 38, ශර්ධුල් ඨාකූර් 52/2, ආකාෂ් දීප් 55/2) 
 
-036 

 


අදහස් (0)

පිතිකරුවෝ ලක්නව් පිලට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.