Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ සීමිත ඕවර ක්රිකට් තරගාවලියේ I වැනි කාණ්ඩයේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විදුහල සමත් විය.
කොළඹ තර්ස්ටන් විදුහල් ක්රීඩාංගණයේදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී කොළඹ තර්ස්ටන් විදුහලට එරෙහිව පැරබෝලා ක්රමයට අනුව ලකුණු 67 ක ජයක් අත්කර ගනිමින් පී. ද එස්. කුලරත්න විදුහල අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.
එහිදී පී. ද එස්. කුලරත්න විදුහලේ තරිඳු හර්ෂණ (51) අර්ධ ශතකයක් ලබාගත් අතර තර්ස්ටන් විදුහලේ විනෝද් කාවින්ද ලකුණු 38 කට කඩුලු 5 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය.
පී. ද එස්. කුලරත්න විදුහල - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 192
(තරිඳු හර්ෂණ 51, කවීෂ් තත්සර 33, ලසින් වනිඳු නොදැවී 22, විනෝද් කාවින්ද 38/5)
තර්ස්ටන් විදුහල - ඕවර 42 කදී කඩුලු 9 ක් දැවී 112
(රිවිඳු පෙරේරා 26, ලසින් වනිඳු 21/3, චතුර රුක්මාල් 11/2, ධනුෂ්ක මධුෂංක 12/2, කවීෂ් තත්සර 12/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.