Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
රාජකීය - සාන්ත තෝමස් (නිල් මහ සටන) මහ ක්‍රිකට් තරගයට පොරතුව වාර්ෂිකව පැවැත්වෙන පුංචි නිල් සටනේදී සාන්ත තෝමස් විද්‍යාලය ඉනිමක සහ ලකුණු 38 ක පහසු ජයක් ලබාගත්තේය. මෙම තරගය විදුහල් දෙකේ දෙවැනි පෙළ කණ්ඩායම් අතර සාම්ප්‍රදායිකව පැවැත්වෙන්නකි.
සිකුරාදා සහ සෙනසුරාදා (3 සහ 4) දිනවල, ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය පිටියේදී පැවැති තරගයේ කාසියේ වාසිය රාජකීය විදුහලට හිමිවිය. පළමුවෙන් පන්දුවට පහරදීම තෝරාගත් නමුත් රාජකීයයෝ ඕවර 28.4 කදී ලකුණු 49 කට දැවී ගියහ.
පළමු දිනයේදීම සිය මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 192 ක් ලබාගත් සාන්ත තෝමසුවෝ, දිනය නිමාවීමට පෙර රාජකීයයන්ගේ දෙවැනි ඉනිමේ කඩුලු දෙකක්ද දවාගත්හ. තරගයේ දෙවැනි දිනයේදී සාන්ත තෝමස් ජයග්‍රහණයට අවශ්‍ය වූයේ කඩුලු 8 ක් පමණි. රාජකීය විද්‍යාලයේ අනික් ප්‍රනාන්දු සටන්කාමී ලකුණු 60 ක් ලබාගත් නමුත් රාජකීයයෝ දෙවැනි ඉනිමේදීත් ලකුණු 105 කට දැවී ගියහ.
අෂේන් පෙරේරා ඉනිම දෙකේදීම ලකුණු 58 කට කඩුලු 9 ක් දවාගත් අතර පිත්තෙන් නොදැවී ලකුණු 55 ක් ද ලබාගනිමින් සාන්ත තෝමස් විද්‍යාලයීය ජයග්‍රහණයේ නියමුවා විය.
රාජකීය විදුහල - පළමු ඉනිම 49
(අශේන් පෙරේරා 18/5, යතින්ද සිරිවර්ධන 22/3)
සාන්ත තෝමස් විදුහල - පළමු ඉනිම 192
(සදෙව් සොයිසා 36, අරිත් අදිකාරම් 24, අෂේන් පෙරේරා නොදැවී 55, යතින්ද සිරිවර්ධන 23, දිනුර සේනාරත්න 42/3, තමෝද් යශෝධ 28/2, අනූෂ් පොළොන්නෝවිට 21/2)
රාජකීය විදුහල - දෙවැනි ඉනිම 105
(අනික් ප්‍රනාන්දු 60, අෂේන් පෙරේරා 40/4, ශනිල් පෙරේරා 20/2, ඩේරින් දියාගෝ 34/2, යතින්ද සිරිවර්ධන 05/2)
-213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.