Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාසල් ක්රිකට් සංගමය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පාසල් ක්රිකට් තරගාවලියේ III වැනි කොටසේ දෙවැනි කාණ්ඩයේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට පුත්තලම ආනන්ද ජාතික පාසල සමත් විය.
කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල් ක්රීඩංගණයේදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව තරගයේදී කලවාන මැදි විදුහලට එරෙහිව පැරබෝලා ක්රමයට අනුව කඩුලූ 8 ක ජයක් වාර්තා කරමින් ආනන්ද ජාතික පාසල තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේය.
ජයග්රහණය සඳහා ලකුණු 102 ක ඉලක්කයක් හඹාගිය ආනන්ද ජාතික පාසල් කණ්ඩායම ඕවර 20 ක් අවසානයේ වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට කඩුලූ 2 ක් දැවී ලකුණු 80 ක් ලබා සිටියේය. එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ ස්ටීවන් රුවින්ත නොදැවී ලකුණු 40 ක් ලබා කඩුල්ලේ රැදී සිටි සිටියේය.
පළමුවෙන් පන්දුවට පහරදුන් කලවාන මැදි විදුහල ඕවර 34.2 අවසානයේ සියලූ දෙනා දැවී ලකුණු 101 ක් ලබා ගත්තේය. එහිදී කේ. ප්රබෝධ ලකුණු 23 කට කඩුලූ 4 ක්ද, තරිඳු සංජීව ලකුණු 21 කට කඩුලූ 3 ක්ද දවාගත්හ.
කලවාන මැදි විදුහල - ඕවර 34.2 කදී සියලූ දෙනා දැවී 101
(කේ. ප්රබෝධ 23/4, තරිඳු සංජීව 21/3)
ආනන්ද ජාතික පාසල - ඕවර 20 කදී කඩුලූ 2 ක් දැවී 80
(ස්ටීවන් රුවින්ත නොදැවී 40, තරිඳු සංජීව නොදැවී 23)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.