Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පුහුණු තරගය ජය පැරදුමෙන් තොරයි

පුහුණු තරගය ජය පැරදුමෙන් තොරයි

සංජය එරමුදුගොඩ - 2019 ජන මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන කණ්ඩායම අතර හෝබාට්හි බෙලෙරිව් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති තෙදින දිවා-රාත්‍රී පුහුණු තරගය අද (19 වැනිදා) ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 365 ක ඉලක්කයක් හඹායමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම, තරගය නිමාවට පත්වන විට කඩුලු 6 ක් දැවී ලකුණු 131 ක් ලබා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන කණ්ඩායමට වඩා ලකුණු 234 ක් පසුපසින් සිටියේය.

දෙවැනි දිනය වූ ඊයේ (18 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 2 ක් දැවී ලකුණු 99 ක් ලබා සිටි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන කණ්ඩායම, අද දිනයේදී තවත් ලකුණු 125 ක් එක්කර ගැනීමෙන් අනතුරුව සිය දෙවැනි ඉනිම අත්හිටුවා ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර සිටියේය. එහිදී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දවාගත හැකි වූයේ එක් කඩුල්ලක් පමණි.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන පළමු ඉනිමේදී ශතකයක් ලබාගත් කර්ටිස් පැටර්සන්, දෙවැනි ඉනිමේදීද දක්ෂ පිතිහමරඹයක නිරත වෙමින් හතරේ පහර 12 ක් සමග නොදැවී ලකුණු 102 ක් රැස්කළේය. මානස් ලැබුස්චේන් (50) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 90 ක් සම්බන්ධතාවක් ගොඩනැගූ පැටර්සන්, ඉන් නොනැවතී විල් පුකොව්ස්කි (නොදැවී 33) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් තවත් ලකුණු 90 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගුවේය.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන කණ්ඩායමට වඩා ලකුණු 364 ක් පසුපසින් සිටිමින් සිය දෙවැනි ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් සිවුදෙනකුම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමටත් පෙර ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ජොන් හෝලන්ඞ් ප්‍රමුඛ ඕස්ට්‍රේලියානු පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී ධනංජය ද සිල්වා (2), කුසල් පෙරේරා (3) සහ සදීර සමරවික්‍රම (6) යන පිතිකරුවන් තිදෙනාම දැවීගියේ හෝලන්ඞ්ගේ පන්දු කඩුල්ලේ වැදීමෙනි.

ලකුණු 3 ක් ලබා සිටියදී ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගත් මයිකල් නේසර්, ඉන් නොනැවතී නිරෝෂන් දික්වැල්ලගේ ඉනිම ලකුණු 19 කට සීමා කළේ නායක ජෝ බර්න්ස්ගේ සහායද ඇතිවය. ශ්‍රී ලංකා ඉනිමේ 8 වැනි පිතිකරු ලෙස පිටියට පිවිසි රොෂේන් සිල්වා ලකුණු 23 ක් ලබාගැනීමෙන් අනතුරුව පිටියෙන් ඉවත්ව ගිය අතර තරගය නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි ළහිරු තිරිමාන්න නොදැවී ලකුණු 46 ක් ලබා සිටියේය.

        
-036

 


අදහස් (0)

පුහුණු තරගය ජය පැරදුමෙන් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.