Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දකුණු අප්‍රිකානු සංචාරයෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරුවා මෙන්ම පුහුණුකරුවාද වෙනස් වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි. ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් පසුගියදා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා දැනුවත් කර තිබේ.
ක්‍රීඩා ඇමතිවරයා සමග පැවැති සාකච්ඡාවේදී කණ්ඩායමේ කළමණාකරු සහ පුහුණුකරු යන තනතුරු දෙක සම්බන්ධයෙන් වැඩි කථාබහක් ඇති වූ බව දැනගන්නට තිබේ.
ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ ලෝක කුසලාන තරගාවලියට නිලධාරීන් පත්කිරීම පිළිබඳව ද තමන් සමඟ සාකච්ඡා කළ බවයි.
“පුහුණුකරු සහ කළමණාකරු පිළිබඳවත් කථා බහක් ඇති වුණා. නමුත් මම හිතන්නේ ඒ පිළිබඳව මම කථා කිරීමට එච්චර හොඳ නෑ”
“ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නව වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. ඔවුන් සාකච්ඡා කරලා එය කරයි. අවසන් තීරණයක් ගත්තට පසුව මාව දැනුවත් කරයි” යැයි ක්‍රීඩා අමාත්‍යවරයා වැඩි දුරටත් පවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.