Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පුහුණුකරු ආතර් විස්තර විචාරක කුටියට

පුහුණුකරු ආතර් විස්තර විචාරක කුටියට

editorial - 2020 නොවැ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතා ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ රූපවාහිනී විස්තර විචාරකයෙකු ලෙස පත් කර ඇත. රූපවාහිනී විචාරක කණ්ඩායම සඳහා නම්කර සිටි හර්ෂල් ගිබ්ස් මහතා කොළඹ කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වීමත් සමගින් ඇතිවූ පුරප්පාඩුව සඳහා මිකී ආතර් මහතා පත්කර ඇත.

පසුගිය බදාදා ජොහැන්නස්බර්ග් සිට (දෝහා හරහා) ශ්‍රී ලංකාවට පැමිණි ගිබ්ස් මහතා මුලින් විස්තර විචාරක කණ්ඩායමට බැඳීමට නියමිතව සිටි නමුත් කොළඹ කණ්ඩායමේ ඇතිවූ ප්‍රධාන පුහුණුකරු ධුරයේ පුරප්පාඩුව සඳහා ඔහුව ආදේශ කර තිබුණි.

ඒ අනුව එල්.පී.එල්. තරගාවලියේ රූපවාහිනි විස්තර විචාරක ලැයිස්තුවට මයික් හේන්ස්මන් (ඕස්ට්‍රේලියාව), අමිර් සොහෙල් (පාකිස්ථානය), මිකී ආතර් (දකුණු අප්‍රිකාව), රොෂාන් අබේසිංහ සහ රසල් ආර්නෝල්ඞ් (ශ්‍රී ලංකාව), ඩැරන් ගංගා (බටහිර ඉන්දීය කොදෙව්) යන මහත්වරුන් ඇතුළත් වෙති.

- 2079


අදහස් (0)

පුහුණුකරු ආතර් විස්තර විචාරක කුටියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.