Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවේ දැනට සිටින ක්‍රිකට් පුහුණුකරුවන්, අභ්‍යාසකවරුන් මෙන්ම භෞත චිකිත්සකවරුන්ගේ දැනුම යාවත් කාලීන කිරීම සඳහා ලෝකයේ සුප්‍රකට වෘත්තිකයන්ගේ සේවය ලබාගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ. පසුගිය 16 වැනිදා පැවැති විධායක කමිටු රැස්වීමේදී මෙම තීරණය ගනු ලැබ ඇත.
ඒ අනුව පුහුණුකරුවන්, අභ්‍යාසකවරුන් මෙන්ම භෞත චිකිත්සකවරුන් සඳහා කලින් කලට විශේෂ පුහුණු කඳවුරු පැවැත්වෙනු ඇත.
මෙම පුහුණු කඳවුරු මෙහෙයවීමට දකුණු අප්‍රිකානු ජාතික ජොන්ටි රෝඞ්ස්, ඉන්දීය ජාතික භාරත් අරුන් සහ ඕස්ට්‍රේලියානු ජාතික ඇලෙක්ස් කුන්ටූරි කැඳවීමට ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ. මෙම ව්‍යාපෘතිය මේ වසරේදී ක්‍රියාත්මක කිරීමට නියමිතය.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.