Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව අතර පල්ලේකැලේ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියට නිර්දේශ කළ තීරක සහ විනිසුරු මණ්ඩලය ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් අද (11 වැනිදා) නිවේදනය කරනු ලැබීය.
ඒ අනුව ජාත්‍යන්තර ක‍්‍රිකට් සභාවේ තරග තීරකවරුන්ගේ ප‍්‍රධානී රන්ජන් මඩුගල්ල මහතා එක්දින තරගාවලියේ ප‍්‍රධාන තීරකවරයා ලෙස කටයුතු කරයි. ඊට අමතරව අයි.සී.සී. එලයිට් විනිසුරුවන්ගේ මණ්ඩලයේ සාමාජික කුමාර් ධර්මසේන මහතාත්, ජාත්‍යන්තර විනිසරුවරුන් වන රුචිර පල්ලියගුරුගේ, රවීන්ද්‍ර විමලසිරි, ලින්ඩන් හැනිබල්, ප‍්‍රගීත් රඹුක්වැල්ල යන මහත්වරුන් තරගාවලියේ විනිසුරුවරුන් ලෙස නම්කර තිබේ.
දෙරට අතර පළමු එක්දින තරගය 16 වැනිදාත්, දෙවැනි එක්දින තරගය 18 වැනිදා සහ තෙවැනි එක්දින තරගය 21 වැනිදා පැවැත්වේ.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.