Last Update  :  2025-03-29 21:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ප‍්‍රවේශපත් අළෙවිය ඇරඹෙයි

ප‍්‍රවේශපත් අළෙවිය ඇරඹෙයි

editorial - 2022 ජන මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශී‍්‍ර ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර ලබන ඉරිදා (16 වැනිදා) සිට ආරම්භ වන එක්දින තරගාවලියේ ප‍්‍රවේශපත් විකිණීම ආරම්භ වී තිබේ. මෙම ප‍්‍රවේශපත්, අන්තර්ජාලය ඔස්සේ, www.srilankacricket.lk  සහ www.bookmyshow.com  යන වෙබ් අඩවි මගින්, අළෙවි කෙරේ.

තරග නොපැවැත්වෙන දිනවලදී, උදෑසන 9.00 සිට පස්වරු 5.00 දක්වා පල්ලෙකැළේ අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී හෝ තරග පැවැත්වෙන දිනවලදී පමණක්, බලගොල්ල අභීත කී‍්‍රීඩාංගණයේදී ප‍්‍රවේශපත් අළෙවි කෙරේ.

අන්තර්ජාලය ඔස්සේ මිලදී ගන්නා ප‍්‍රවේශපත් ඉහත කවුළු දෙකින් නිකුත් කරනු ලැබේ. එකක් රුපියල් 300 ක්, රුපියල් 1000 ක් සහ රුපියල් 3000 ක් වශයෙන් ප‍්‍රවේශපත් මිලකර තිබේ.

තරග තුනම මේ මස 16, 18 සහ 21 දිනවලදී උදෑසන 9.00 සිට පස්වරු 5.00 දක්වා, පල්ලෙකැළේ අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙයි.

සෞඛ්‍ය නීති රීති හේතුවෙන් මුද්‍රණය කෙරෙන්නේ කී‍්‍රඩාංගණයේ ධාරිතාවෙන් අඩක් වන ප‍්‍රවේශපත් සංඛ්‍යාවක් පමණි. කී‍්‍රඩාංගණයේ සම්පූර්ණ ධාරිතාව 35,000 කි. කෙසේ වෙතත් කොරෝනා මර්දන එන්නත් කාණ්ඩයේ දෙවැනි එන්නත විදගැනීමෙන් දින 14 කට පසුව පමණක් පේ‍්‍රක්‍ෂකයන්ට කී‍්‍රඩාංගණයට ඇතුළුවීමට අවසර ලැබේ. ඒ සඳහා තමන් එන්නත් විදගෙන ඇති බව ප්‍රේක්‍ෂකයන් තහවුරු කළ යුතුය.


- 213

 


අදහස් (0)

ප‍්‍රවේශපත් අළෙවිය ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.