Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බටහිර ඉන්දීය කොදෙව් පිල සහ බංගලාදේශ පිල අතර කිංග්ස්ටන්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තෙවැනි දිනය නිමාවන විට පළමු ඉනිම සඳහා පන්දුවට පහරදුන් බංගලාදේශ පිල, සියලූ දෙනා දැවී ලකුණු 182 ක් ලබා ගත්තේය.
බංගලාදේශ පිලේ පිතිකරුවන් සිව්දෙනකුට හැරෙන්නට අන් කිසිදු පිතිකරුවකුට ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට කොදෙව් පන්දුයවන්නෝ ඉඩ නොදුන්හ. දඟ පන්දුයවන කී‍්‍රඩක සුලයිමන් බෙන් ලකුණු 39 කට කඩුලූ 5 ක් දවාගනිමින් බංගලාදේශ කී‍්‍රඩකයන්ට දැඩි පීඩනයක් එල්ල කළහ.
බංගලාදේශ පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ මොමිනුල් හක්, හතරේ පහර 7 ක් සමගින් ලකුණු 51 ක් රැස්කළේය.
පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් පිල සිය පළමු ඉනිම සඳහා කඩුලූ 7 ක් දැවී ලකුණු 484 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවා බංගලාදේශ පිලට පනදුවට පහරදීමට ආරාධනා කර සිටියේය.
එහිදී අනර්ඝ පිතිහරඹයක නිරතවූ ආරම්භක පිතිකරු කේ‍්‍රග් බ‍්‍රැත්වයිට් හතරේ පහර 14 ක් සමගින් ලකුණු 212 ක් රැස්කිරීමට සමත්විය.
කි‍්‍රස් ගේල් (64) සමග එක්වූ කේ‍්‍රග් බ‍්‍රැත්වයිට්, පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 116 ක සම්බන්ධතාවක් ගොඩනගමින් කොදෙව් පිලට සාර්ථක ආරම්භයක් ගෙනදුන්නේය.
ඉන් නොනැවතී ඩැරන් බ‍්‍රාවෝ (62) සමග එක්ව 3 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 128 ක සම්බන්ධතාවක්ද, ශිව්නරේන් චන්ද්‍රපෝල් (85) සමග එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 161 ක සම්බන්ධතාවක්ද ගොඩනැගූ බ්‍රෙත්වෙයිට් කොදෙව් ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.
කොදෙව් ඉනිම නිමාවන තුුරුම කඩුල්ලේ රැදීසිටි චන්ද්‍රපෝල්, තම අර්ධ ශතකය ලබාගැනීම සඳහා පන්දු 226 කට මුහුණ දුන්නේය. ඔහුගේ ඉනිමට හතරේ පහර 6 ක් ඇතුළත් විය.
කි‍්‍රස් ගේල්ගේ අර්ධ ශතකයට හතරේ පහර 10 ක් සහ හයේ පහරක් ඇතුළත් වූ අතර ඩැරන් බ‍්‍රාවෝගේ අර්ධ ශතකයට හතරේ පහර 6 ක් සහ හයේ පහරක් ඇතුළත් විය.
තයිජුල් ඉස්ලාම් ලකුණු 135 කට කඩුලූ 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
බටහිර ඉන්දීය කොදෙව් පිල පළමු ඉනිම - කඩුලූ 7 ක් දැවී 484
(කි‍්‍රස් ගේල් 64, කේ‍්‍රග් බ්‍රෙත්වෙයිට් 212, ඩැරන් බ‍්‍රාවෝ 62, ශිව්නරේන් චන්ද්‍රපෝල් 85, තයිජුල් ඉස්ලාම් 135/5)
බංගලාදේශ පිල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 182
(ශම්සුර් රෙහෙමාන් 35, මොමිනුල් හක් 51, මුෂ්ෆික රහීම් 48, සුලයිමන් බෙන් 39/5)
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.