Last Update  :  2024-11-20 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බංගලින්ට එරෙහිව ශ්‍රී ලංකාවට ලකුණු 18 ක ජයක්
හොං කොං සික්සර්ස්

බංගලින්ට එරෙහිව ශ්‍රී ලංකාවට ලකුණු 18 ක ජයක්

editorial - 2024 නොවැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හොං කොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (1 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 18 ක පහසු වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 108 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ කණ්ඩායමට, ඕවර 6 අවසානයේ ලබාගත හැකි වූයේ ලකුණු 89 ක් පමණි. 

බංග්ලාදේශ ඉනිම නිමාවට පත්වන තෙක්ම කඩුල්ලේ රැදී සිටි මොහොමඩ් ශයිෆුඩීන් පන්දු 17 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහරක් සමග නොදැවී ලකුණු 42 ක් රැස්කළද ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය. 

දක්ෂ පන්දු යැවීමක නිරත වූ ළහිරු සමරකෝන් ඕවර 2 ක් යවමින් ලකුණු 26 කට කඩුලු 2 ක් දවාගත් අතර බංග්ලාදේශ කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් ධනංජය ලක්ෂාන් ඕවරයක් යවමින් ලකුණු 13 කට කඩුල්ලක් බිඳහෙළුවේය. 
පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ඕවර 6 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 107 ක් රැස්කළේය. එහිදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ නායක ළහිරු මධුෂංක පන්දු 17 කින් නොදැවී ලකුණු 48 ක් රැස්කළේ තරගයේ වීරයා බවටද පත්වෙමිනි. ඔහුගේ ඉනිම හයේ පහර 5 කින් සහ හතරේ පහර පහර 2 කින් සමන්විත විය. 

ආරම්භක පිතිකරුවන් වූ සඳුන් වීරක්කොඩි පන්දු 6 කදී හයේ පහර 3 ක් සමග ලකුණු 18 ක්ද, තනුක දාබාරේ පන්දු 12 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 32 ක්ද රැස්කරමින් ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ. 


ශ්‍රී ලංකාව - ඕවර 6 කදී කඩුලු 3 කට 107  
(සඳුන් වීරක්කොඩි 18, තනුක දාබරේ 32, ළහිරු මධුෂංක නොදැවී 48, ජිෂාන් අලාම් 06/2, සොහාග් ගාසි 21/1) 

බංග්ලාදේශය - ඕවර 6 කදී කඩුලු 3 කට 89 
(ජිෂාන් අලාම් 27, මොහොමඩ් ශයිෆුඩීන් නොදැවී 42, ළහිරු සමරකෝන් 26/2, ධනංජය ලක්ෂාන් 12/1) 

-036 

 


අදහස් (0)

බංගලින්ට එරෙහිව ශ්‍රී ලංකාවට ලකුණු 18 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.