Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්රී ලංකා කාන්තා ‘ඒ’ කණ්ඩායම සහ බංග්ලාදේශ කාන්තා ‘ඒ’ කණ්ඩායම අතර කොළඹ පී. සරවනමුත්තු ක්රීඩාංගණයේදී අද (12 වැනිදා) පැවැති විස්සයි-20 තරගයෙන් කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කාන්තා ‘ඒ’ කණ්ඩායම සමත් විය.
ජයග්රහණය සඳහා ලකුණු 113 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ ‘ඒ’ ක්රීඩිකාවෝ ඕවර 18.5 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ඉලක්කය සපුරා ගත්හ. පන්දු 44 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 48 ක් රැස්කළ නායිකා ශමීමා සුල්තාන් සිය කණ්ඩායම ජයග්රහණය කරා ගෙන ගියාය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්රී ලංකා කාන්තා ‘ඒ’ කණ්ඩායමට බංග්ලාදේශ ‘ඒ’ ක්රීඩිකාවන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 7 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 112 ක් පමණි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ ෆාතිමා ඛාතූන් ඕවර 3 ක් යවමින් ලකුණු 12 කට කඩුලු 3 ක් දවාගත්තාය.
ශ්රී ලංකා කාන්තා ‘ඒ’ කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වූ ආරම්භක පිතිකාරිණී කෞෂිනි නුත්යංගා පන්දු 35 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 43 ක් රැස්කළාය. නෙත්මි පූර්ණිමා (27) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 73 කදී ලකුණු 72 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද නුත්යංගා සමත් වූවාය.
ශ්රී ලංකා කාන්තා ‘ඒ’ පිල - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 112
(කෞෂිනි නුත්යංගා 43, නෙත්මි පූර්ණා 27, නිලක්ෂනා සඳමිණි නොදැවී 14, ෆාතිමා ඛාතූන් 12/3)
බංග්ලාදේශ කාන්තා ‘ඒ’ පිල - ඕවර 18.5 කදී කඩුලු 3 ක් දැවී 113
(ශති රානි 20, ශමීමා සුල්තාන් 48, සෝභනා මොස්ටරි 28, මල්ෂා ශෙහානි 22/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.