Last Update  :  2025-04-21 11:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බංග්ලාදේශය දෙවැනි ජයත් ලබයි

බංග්ලාදේශය දෙවැනි ජයත් ලබයි

දිලිනි මල්රුක්ෂි - 2014 මාර් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විස්සයි20 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට සුදුසු ලබාගැනීමේ තරගාවලියේ බංග්ලාදේශය සහ නේපාලය අතර චිතගොන්හිදී අද (18) පැවැති ‘ඒ’ කාණ්ඩයේ තරගයෙන් කඩුලූ 8 ක ජයක් වාර්ථා කිරීමට බංග්ලාදේශය සමත්විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 127 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ පිල කඩුලූ 2 ක් පමණක් දැවී පන්දු 27 ඉතිරිව තිබියදී තරගය ජයග‍්‍රහණය කළේය.

බංග්ලාදේශ පිලේ ආරම්භක පිතිකරුවන් වන ටමීම් ඉක්බාල් (30) සහ එනමුල් හක් (42) පළමු කඩුල්ලට පන්දු 47 කදී ලකුණු 63 ක් එක් කරමින් තරගය ජයගැනීම සඳහා මනා අඩිතාලමක් දැමූහ.

පන්දු 18 දී හයේ පහර 4 ක් සහ හතරේ පහරක් සමගින් වේගවත් ලකුණු 37 ක් රැස්කළ සකීබ් අල් හසන් තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගියේය.

කාසියේ වාසි දිනූ බංග්ලාදේශ නායක මුෂ්ෆික රහීම් පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා නේපාල පිලට ආරාධනා කළ අතර නියමිත  ඕවර 20 අවසානයේ ඔවුහු කඩුලූ 5 ක් දැවී ලකුණු 126 ක් ලබාගත්හ.

එහිදී නායක පාරස් කඞ්කා (41) සහ ශාරද් වෙසව්කාර් (40) එක්ව  සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 75 කදී ලකුණු 85 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්වූහ.

නේපාලය -  ඕවර 20 කදී කඩුලූ 5 කට 126
(පාරස් කඞ්කා 41, ශාරද් වෙසව්කාර් 40, ගයනේන්ද්‍ර මල්ලා 13, අල් හමීන් හුසේන් 17/2)

බංග්ලාදේශය -  ඕවර 15.3 කදී කඩුලූ 2 කට 132
(ටමීම් ඉක්බාල් 30, එනමුල් හක් 42, සබීර් රෙහෙමාන් 21, සකීබ් අල් හසන් 37)
 


අදහස් (0)

බංග්ලාදේශය දෙවැනි ජයත් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.