Last Update  :  2025-01-14 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බංග්ලාදේශය බලාපොරොත්තු රඳවාගනී
ආසියානු කුසලාන 2023

බංග්ලාදේශය බලාපොරොත්තු රඳවාගනී

editorial - 2023 සැප් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංග්ලාදේශය සහ ඇෆ්ඝනිස්ථානය අතර පාකිස්තානයේ ලාහෝර් නුවරදී පැවැති මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිවුවැනි තරගයෙන් ලකුණු 89 ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශය සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 335 ක ඉලක්කයක් හඹාගිය ඇෆ්ඝනිස්ථානයට ඕවර 44.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 245 ක් පමණි.

මෙම ජයත් සමග තවදුරටත් සුපිරි 4 දෙනාගේ වටයට සුදුසුකම් ලැබිම සඳහා බලාපොරොත්තු රඳවාගැනීමට බංග්ලාදේශයට හැකි විය. එළබෙන 5 වැනිදා ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්ථානය අතර ලාහෝර්හිදී පැවැත්වෙන තරගයේදී ශ්‍රී ලංකාව ජය ලැබුවහොත් ශ්‍රී ලංකාව සමගින් බංග්ලාදේශයද සුපිරි 4 දෙනාගේ වටයට සුදුසුකම් ලබනු ඇත. ඉන් ශ්‍රී ලංකාව පරාජය වුවහොත් කණ්ඩායම් 3 ම එක් තරගය බැගින් ජයගන්නා බැවින් ඉහළම ශුද්ධ ලකුණු වේගයන්ට හිමිකම් කියන කණ්ඩායම් දෙක සුපිරි 4 දෙනාගේ වටයට පිවිසෙනු ඇත.

බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ආරම්භක පිතිකරු ඊබ්‍රහීම් සද්රාන් පන්දු 74 කදී හයේ පහරක් සහ හතරේ පහර 10 ක් සමග ලකුණු 75 ක් රැස්කළ අතර නායක හෂ්මතුල්ලා ශහිදි පන්දු 60 කින් ලකුණු 51 ක් රැස්කළේ හතරේ පහර 6 ක් සමගිනි.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ ටස්කින් අහමඩ් ලකුණු 44 කට කඩුලු 4 ක් දවාගත් අතර බංග්ලාදේශයේ ජයග්‍රහණය ඉක්මන් කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් ෂොරිෆුල් ඉස්ලාම් ලකුණු 36 කට කඩුලු 3 ක් බිඳහෙළීය.

පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය ඕවර 50 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 334 ක් ලබාගත් අතර මෙහෙදි හසන් (112) සහ නජ්මුල් ශැන්ටෝ (104) ශතක ලබාගනිමින් බංග්ලාදේශ ඉනිම සවිමත් කළහ. පන්දු 119 කදී වාර්තා වූ හසන්ගේ ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහර 7 කින් සමන්විත වූ අතර පන්දු 105 කට මුහුණදුන් නජ්මුල් හයේ පහර 2 කින් සහ හයේ පහර 9 කින් සිය ඉනිම සැරසුවේය.

ලකුණු 63 කට කඩුලු 2 ක් දැවී යෑමෙන් අනතුරුව නජ්මුල් සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 190 කදී ලකුණු 194 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද මෙහෙදි හසන් සමත් විය. බංග්ලාදේශ ඉනිම නිමාවට පත්වන තෙක්ම නොදැවී කඩුල්ලේ රැදී සිටි නායක සකිබ් අල් හසන් පන්දු 18 කින් නොදැවී ලකුණු 32 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගිනි.


බංග්ලාදේශය - ඕවර 50 කදී කඩුලු 5 ක් දැවී 334  
(මොහොමඩ් නයීම් 28, මෙහෙදි හසන් 112, නජ්මුල් ශැන්ටෝ 104, මුෂ්ෆිකුර් රහීම් 25, සකීබ අල් හසන් නොදැවී 32)

ඇෆ්ඝනිස්ථානය - ඕවර 44.3 කදී සියලු දෙනා දැවී 245
(ඊබ්‍රහීම් සද්රාන් 75, රාමට් ෂා 33, හෂ්මතුල්ලා ශහිදි 51, නජිබුල්ලා සද්රාන් 17, ගුලාබ්දීන් නයිබ් 15, රෂීඩ් ඛාන් 24, ටස්කින් අහමඩ් 44/4, ෂොරිෆුල් ඉස්ලාම් 36/3)

නජ්මුල් හොසේන්....

 

මෙහිදි හසන් ...

 

හෂ්මතුල්ලා ශහිඩි...

 

ටස්කින් අහමඩ් කඩුල්ලක් දවාගත් මොහොතක්...

 

ඊබ්‍රහිම් සද්‍රාන් ...

- 036


අදහස් (0)

බංග්ලාදේශය බලාපොරොත්තු රඳවාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.