Last Update  :  2024-11-20 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බංග්ලාදේශයට 515 ක ඉලක්කයක්
චෙන්නායි ටෙස්ට් තරගය

බංග්ලාදේශයට 515 ක ඉලක්කයක්

editorial - 2024 සැප් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දෙවැනි ඉනිමේදී ශතක දෙකකින්ම බංග්ලාදේශ පන්දු යවන්නන්ට සංග්‍රහ කළ ඉන්දියානුවෝ චෙන්නායි නුවරදී පැවත්වෙන පළමු ටෙස්ට් තරගය ජයගැනීමට නම් සිව්වැනි ඉනිමෙදී ලකුණු 515 ක් ලබාගන්නා ලෙස සිය අසල්වැසියාට අභියෝග කළහ. මුල් ඉනිමේදී ලකුණු 227 ක දැවැන්ත වාසියක් අත්කර ගත් ඉන්දියානුවෝ සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 287 ක් ලබාගත්හ. 

ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ කිසිම කණ්ඩායමක් සිව්වැනි ඉනිමේදී ලකුණු 500 ක් ඉක්මවා ලබාගනිමින් තරගයක් ජයගෙන  නැත. ටෙස්ට් තරගයක් ජයගැනීම සඳහා කණ්ඩායමක් සිව්වැනි ඉනිමේදී ලබාගත් විශාලතම ලකුණු සංඛ්‍යාව වන්නේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම විසින් 2003 වසරේදී ඕස්ටේ්‍රලියනු පිලට එරෙහිව කඩුලු 7 ට ලකුණු 418 ක් ලබාගැනීමයි. ඒ බ්‍රයන් ලාරා කොදෙව් පිල වෙනුවෙන් ක්‍රීඩා කළ කාලයයි. 

චෙන්නායි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද (21 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට බංග්ලාදේශ කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී  ලකුණු 158 ක් ලබා සිටියේය. තරගය ජයගැනීමට නම් බංග්ලාදේශය තවත් ලකුණු 357 ක් ලබාගත යුතු නමුත් ඔවුන් සතුව ඇත්තේ කඩුලු 6 ක් පමණි. 

මුල් ඉනිමේදී මෙන්ම ඉන්දීය දෙවැනි ඉනිමේදීත් පිතිකරු ලයිස්තුවේ කෙරුම්කාරයන් වන යයස්වී ජයිස්වාල් (10), රෝහිත් ෂර්මා (5) සහ විරාට් කෝලි (17) අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගියහ. 20 වැනි ඕවරයේදී විරාට් කෝලි දැවී යන විට ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 3 කට 67 ක් ලෙසිනි. එහෙත් රිෂාබ් පාන්ට (109) එක්වූ ෂුබ්මන් ගිල් (119) සිව්වැනි  කඩුල්ල වෙනුවෙන් ලකුණු 167 ක සම්බන්ධතාවක් ගොඩනඟමින් බංග්ලාදේශ පන්දු යවන්නන්ගේ ගණන් බැස්සවූහ. 


ඉන්දියාව - පළමු ඉනිම 376 යි
බංග්ලාදේශය - පළමු ඉනිම 149

ඉන්දියාව - දෙවැනි ඉනිම කඩුලු 3 ක් දැවී 81 යි
(යශස්වී ජයස්වාල් 10, ෂුබ්මන් ගිල් නොදැවී 33, විරාට් කෝලි 17, රිෂාබ් පාන්ට් 109, ෂුබ්මන් ගිල් නොදැවී 119, ලෝකේෂ් රාහුල් නොදැවී 22, මෙහෙදි හසන් මිරාස් 103/2)

බංග්ලාදේශය  - දෙවැනි ඉනිම කඩුලු 4 ට 158 යි
(සකීර් හසන් 33, ශද්මන් ඉස්ලාම් 35, නජ්මුල් හොසේන් ශන්ටෝ නොදැවී 51, මොමිනුල් හක් 13, මුෂ්ෆිකුර් රහීම් 13, රවිචන්ද්‍රන් අශ්වින් 63/3)

- 213


අදහස් (0)

බංග්ලාදේශයට 515 ක ඉලක්කයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.