Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බංග්ලාදේශයට කඩුලු 6 ක ජයක්
ලෝක කුසලාන ක්‍රිකට් - 2023

බංග්ලාදේශයට කඩුලු 6 ක ජයක්

editorial - 2023 ඔක් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එකම අත්වැරදීමක් හෝ නොකළ බංග්ලාදේශ ක්‍රීඩකයෝ ඉන්දියාවේ ධරම්ශාලා නුවරදී පැවැති ලෝක කුසලාන තරගයේදී කඩුලු 6 කින් ඇෆ්ඝනිස්ථානය පරාජය කරමින් තමන්ගේ ගමන ආරම්භ කළහ. මෙම තරගයේදී ලද දැවැන්ත ජයග්‍රහණය නිසා බංග්ලාදේශ පිලට ඉතාමත් වාසි සහගත ලකුණු වේගයක් (ූ1ග438* අත්කරගත හැකිවිය. 

කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශය පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තේය. 

ඇෆ්ඝනිස්තානු ආරම්භක පිතිකරුවන් වූ රමනුල්ලා ගුර්බාස් (47) සහ ඊබ්‍රහිම් සද්රාන් (22) පන්දු 50 කින් ලකුණු 47 ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ. ගුර්බාස් පිටියේ සිටියදී අනෙක් පිතිකරුවන් සමගින් එක්ව ලකුණු සංඛ්‍යාව ඉදිරියට ගෙන ගියද, සිව්වැනි පිතිකරුවා ලෙසින් ගුර්බාස් දැවී යාමත් සමගින් ඇෆ්ඝනිස්තානු පිලේ බලාපොරොත්තු සියල්ලම සීසීකඩ විසිර ගියේය. 

ඇෆ්ඝනිස්ථානුවන් බලාපොරොත්තු නොමැති මොහොතක පන්දුව අතට ගත් නායක සකිබ් අල් හසන් (36/3) දිගින් දිගටම නිළකුණු පන්දු යැවූ අතර ඔහුට මෙහෙදි හසන් මිරාස් (25/3) ගෙන් කදිම සහයා්ගයක් ලැබිණ. දෙදෙනා එක්ව ඕවර 13 ක් ඇතුළතදී ඇෆ්ඝනිස්ථානු ඉනිම විනාශ කළහ. 

ගුර්බාස් ද සමගින් ඇෆ්ඝනිස්ථානු කඩුලු 8 ක් ලකුණු 44 ක් තුළදී ඇද වැටිණ. මැද පෙළ පිතිකරුවන් අතුරින් අස්මතුල්ලා ඔමර්සායි (22) පමණක් ඉලක්කම් දෙකකින් කිව හැකි ලකුණු සංඛ්‍යාවක් ලබාගත් අතර පිතිකරුවෝ හය දෙනෙක්ම ලකුණු 10 කට අඩුවෙන් දැවී ගියහ. 

ලකුණු 157 ක පහසු ඉලක්කයක් කරා යද්දී බංගලාදේශ කණ්ඩායමේත් ආරම්භක පිතිකරුවෝ දෙදෙනාම ලකුණු 27 ක් තුළදී දැවී ගියහ. එහෙත් මෙහෙදි හසන් මිරාස් (57) සමගින් එක්වූ නජ්මුල් හොසේන් ශන්ටෝ (නොදැවී 59) ලකුණු 97 ක සම්බන්ධාතාවක් ගොඩනඟමින් බංග්ලාදේශ කණ්ඩායම ජය මාවතට කැඳවාගෙන ආහ. තරගයේ ජයග්‍රාහී ලකුණ ලබාගැනීමේ අවස්ථාව ශන්ටෝටම ලැබුණු අතර ඔහු හතරේ පහරකින් තරගය හමාර කළේය. 
කඩුලු 3 ක් දවාගැනීමෙන් අනතුරුව අර්ධ ශතකයකින්ද තම කණ්ඩායමේ ජයග්‍රහණයට සම්මාදම් වූ මෙහෙදි හසන් මිරාස් තරගයේ වීරයා වශයෙන් සම්මාන ලැබීය. 


ඇෆ්ඝනිස්ථානය - ඕවර 37.2 කදී සියලු දෙනා දැවී 156 යි
(රමනුල්ලා ගුර්බාස් 47, ඊබ්‍රහිම් සද්රාන් 22, රහමත් ෂා 18, හෂ්මතුල්ලා ශහිදි 18, අස්මතුල්ලා ඔමරාසි 22, ෂොරිෆුල් ඉස්ලාම් 34/2, සකිබ් අල් හසන් 30/3, මෙහෙදි හසන් මිරාස් 25/3)

බංග්ලාදේශය - ඕවර 34.4 කදී කඩුලු 4 ක් දැවී 158 යි
(ලිටන් දාස් 13, මෙහෙදි හසන් මිරාස් 57, නජ්මුල් හොසේන් ශන්ටෝ නොදැවී 59, සකිබ් අල් හසන් 14)

- 213


අදහස් (0)

බංග්ලාදේශයට කඩුලු 6 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.