Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියානු ප්‍රීමියර් ලීග් (අයි.පී.එල්.) තරගාවලියට ක්‍රීඩකයන් සහභාගි කරවීම අරමුණු කරගනිමින් එංගලන්ත කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරය 2023 දක්වා කල්දැමීමට දෙරටම එකඟවී ඇත. ඊට අමතරව බංග්ලාදේශයේ මෑතකදී වාර්තා වූ කොවිඩ් රෝගීන්ගේ ඉහළ යෑමද තරගාවලිය කල් දැමීමට තවත් එක් හේතුවක්වී ඇති බවත් කියැවේ.
තරගාවලිය කල්දැමීමේ තීරණය බංග්ලාදේශයේ තීරණයක් බව එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය අවධාරණය කර ඇත. ඒ අනුව අයි.පී.එල් තරගාවලිය සඳහා එක්වන ක්‍රීඩකයන් සඳහා එම අවස්ථාව ලබාදීමට ඔවුන් තීරණය කර තිබේ.
ලබන ඔක්තෝබරයේදී පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට සූදානම් වීමේ අරමුණින් ඔයින් මෝගන්ගේ නායකත්වයෙන් යුත් එංගලන්ත කණ්ඩායම තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියකට සහ තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලියකට සහභාගි වීම සඳහා සැප්තැම්බර් මස අග භාගයේ දී ඩකා නුවර බලා යාමට නියමිතව තිබුණි.
බංග්ලාදේශ තරගාවලියෙන් පසුව එංගලන්ත කණ්ඩායම ඔක්තෝබර් 14 සහ 15 දෙදින පැවැත්වෙන තරග දෙකක් සඳහා පාකිස්ථානයේ සංචාරය කිරීමටද සූදානමින් සිටියේය. එහෙත් එංගලන්ත පිලේ පාකිස්තානු සංචාරය කල්දමන බවක් පාකිස්තානුවෝ නොකියති. එංගලන්ත පිල පාකිස්තානයට එන්නේ නම් එය වසර 16 කට පසුව එංගලන්ත කණ්ඩායමක පාකිස්තානු සංචාරයයි.
කොරෝනා වසංගතය හේතුවෙන් මැයි මස මුලදී කල් දමන ලද අයි.පී.එල්. තරඟාවලියේ දෙවැනි අදියර සැප්තැම්බර් මස 19 වැනිදා යළි ආරම්භ කිරීමට නියමිතය. එහෙත් ඒ වන විට පවතින අන්තර්ජාතික තරග රාශියක් හේතුවෙන් අයි.පී.එල්. තරගාවලියේ දෙවැනි අදියර සඳහා විදේශීය ක්‍රීඩකයින් ගෙන්වා ගැනීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට දැඩි වෙහෙසක් ගැනීමට සිදුව තිබේ.
පෞද්ගලික හිමිකම් ඇති කණ්ඩායම් අතර කෙරෙන විස්සයි20 තරගාවලියන්ට වඩා ජාත්‍යන්තර ක්‍රීඩාවට ප්‍රමුඛතාවය දෙන බව එංගලන්ත ක්‍රිකට් මණ්ඩලයේ කළමනාකාර අධ්‍යක්ෂ්‍ය ඈෂ්ලි ජයිල්ස් මහතා මෑතකදී කියා සිටියේය.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.